IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ගමන් බෑගය මාරු වී විදෙස් කතතට කෝටි හතට මතුකුඩු ලැබිලා

(කාංචන කුමාර ආරියදාස)

රුපියල් කෝටි හතකට වැඩි වටිනාකමකින් යුත් කුෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සිගිරි පැමිණි තායිලන්ත කාන්තාවක 13 දින දහවල් සීගිරිය පොලිසිය වෙත භාරදී ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

තායිලන්තයේ සිට සංචාරකයන් දාහත් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් 12 කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙන් ලංකාවට පැමිණ ඇත්තේ 12 දින සංචාරයකට බවත් ඔවුන් බස් රථයකින් සීගිරිය ප්‍රදේශයේ හෝටලයකට පැමිණ ගමන් මලු පරික්ෂා කිරීමේදී සංචාරක කාන්තාවකගේ ගමන් මල්ල මාරු වී යැයි කියන ඇය එම ගමන් මල්ල විවෘත කර බැලීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවීමත් සමග තමන් පැමිණි සංචාරක සමාගමේ මග පෙන්වන්නා සමඟ සීගිරිය පොලිසියට පැමිණ මේවා භාර දුන් බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී රුක්මල් තෙන්නකෝන් මහතා සඳහන් ක්ළේය.

ගමන් මල්ලේ ඉතා සූක්ෂම කළු පැහැති පොලිතීන් බෑග් වල ග්‍රෑම් 600 බැගින් කුෂ් නමැති මත්ද්‍රව්‍යය පැකට් විසි තුනක් පොලිසිය පරීක්ෂා කිරීමේදී හමු වූ බව සීගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් එස් .එස් .ඩබ්ලිව් .එම් .යු .කොබ්බෑකඩුව මහතා සඳහන් කළේය.

දඹුල්ල සහ අවට ප්‍රදේශවලින් ඉතිහාසයේ හමු වැඩිම ද්‍රව්‍යයේ ප්‍රමාණය මෙය බව පොලිසිය සඳහන් කරයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය භාර දුන් තායිලන්ත කතගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත් බස් රථයේ රියදුරුත් සංචාරක මඟ පෙන්වන්නාගෙන්ද ප්‍රකාශ ලබාගත් බව පොලිසිය කියයි.

 

 



අදහස් (5)

ගමන් බෑගය මාරු වී විදෙස් කතතට කෝටි හතට මතුකුඩු ලැබිලා

Chathuri Thursday, 13 February 2025 07:30 PM

ගමන් බෑගය මාරුවුණා නම්. ඒවා හොයාගන්න ලේසියි. ගමන් මලුවලට දෙන. රිසිට් පත. එහි සඳහන් වෙනවා. ගමනාන්තය දක්වාම සියළු විස්තර... විනාඩි පහක වැඩක් මේක මිනිස්සු මෝඩ වුණාට. තාක්ෂණය අතින් කම්පියුටර්. මෝඩ නැහැ. ඉතුරු බෑග් ටිකයි. මුදලාලිවයි දෙන්නාම හොයලා දෙයි. කැමරාවලින් බලන්න මේ බෑග් අරගන්නේ කව්ද කියලා. අවසානයට බෑග් මලු ගන්න යන තැනින්...!

:       2       48

ජිල්බුThursday, 13 February 2025 08:54 PM

ගුවන් ගමන් මළු නැති නොවන හෙටක් වෙනුවෙන් චතුරි මැතිනිය ගුවන් ගමන් මළු ඇමතිනිය බවට පත්කරමු!

:       8       20

පැරකුම් Thursday, 13 February 2025 11:09 PM

එම කාන්තාවගේ නැතිවූ ගමන් මල්ල සොයා දීමට කටයුතු නොකරන්නේ මන්ද?

:       0       2

Upul Friday, 14 February 2025 02:19 AM

ඔයාගේ අත්දැකීම හරිම කරදරයක් වගේ! මෙහෙම සිද්ධවුණාම කවදහරි ඇත්තටම පිළිතුරක් හෝ සමාධානයක් ලැබෙන්නවත් කාලය යනවා. ලාංකික ගුවන් තොටුපළවල තාක්ෂණික හා විධිමත් පද්ධතිය වැඩිදියුණු කරන්නම ඕනේ කියලා පේන්නෙ. ඔයාගේ මෙල්බන් අත්දැකීමත් විශේෂයි! බයෝමැට්‍රික් පේචන් ගියත් එයාව ගණන් ගන්න එක වත්මන් තත්වෙට ගැලපෙන්නේ නෑ වගේ. ගුවන් ගමන්කරුවන්ට මෙවැනි කරදර අඩු කරලා වැඩියෙන්ම සවිස්තරාත්මක සහයෝගයක් දෙන්න ඔවුන් සූදානම් වුණොත් හොඳයි.

:       1       1

Senarath Friday, 14 February 2025 09:28 AM

මේක මෙහෙම වුණු නිසා හොඳයි... මඟදී බෑග් චෙක් කරලා පොලිසියටත් ඇසුණා නම් මේ කාව පිළිගන්නවාද? එහෙනම් මේ කාන්තාව හිරේ යන්න තිබුණා...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1168 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site