
(සුජිත් හේවාජුලිගේ)
ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා ගෙන් ගෙට පෙළපාළිවලින් ගමන් කිරීම වහාම වැළැක්වීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලිසියට අද (4) නියෝග කළේය.
එවැනි පෙළපාලි නතර කිරීම සඳහා පොලිස් ජංගම මුර සංචාර වැඩිකරන ලෙසටද කොමිසම උපදෙස්දී ඇත.
ඇතැම් දේශපාලන පක්ෂ සාමාජිකයන් පෙළපාළිවලින් ගෙන් ගෙට යන බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එවැනි ක්‍රියා නිදහස් හා සාධාරණ ඡන්දයකට බාධාවක් බව කොමිසමේ නිලධාරියෙක් පැවසීය.
මේ අතර නීති විරෝධී ආකාරයට පවත්වාගෙන යන මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන්ද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස මැතිවරණ කොමිසම පොලිසියට උපදෙස්දී ඇත.
COMMENTS
ගෙයින් ගෙට කවුරුවත් එන්න ඕනෙ නැහැ. ඡන්දෙ දෙන්නේ කාටද කියලා අපිට උගන්වන්න ඕනෑ නැත...
එහෙම යන්න තියා පස්දෙනෙක් හොයාගන්න බැරි අපේක්ෂකයන්ගෙ.බලවත් ඉල්ලීමක්.ඕක.
ඇත්තටම තමන්ගේ ගමෙන් බැහැර නන්නාඳුනන එක එක තාලයේ මැරවර පෙනුමැති මිනිස්සු ඔවුන් නොදන්නා ගම්වලට මැතිවරණ කටයුතු සඳහා එන්නේ මොකටද? ඒවා සම්පූර්ණයෙන්ම තහනම් කරන්න කියලා මැතිවරණ කොමිසමට මතක් කරන්න ඕනෑ එහෙම කළොත් ප්‍රශ්න ඇති නොවේවි සාමකාමී මැතිවරණ සඳහා බාධා වෙන්නේ එහෙම අය ආවොත් පමණයි..!
රෙද්දක් ඇඳන් ගෙයින් ගෙට යන්න බැරි පක්ෂවල අයගේ ඉල්ලීමක් ඔය...!
මැකෝත් ඇඹරෙනවා වගේ පව්....!
මාලිමාවෙන් දැනට දෙපාරක් ආවා ගෙදරට. අනෙක් පක්ෂ වලින් නම් හාවක් හූවක් නෑ තාම...!
ජාතික ජනබලවේගේ අය තමයි මේක කරන්නේ... බස් වල නැගලා රංචු පිටින් පිට පළාත්වලට ගිහින් රතු ටී ෂර්ට් ඇඳගෙන ගෙවල් ගානේ යනවා පෙලපාලියෙන්. ගිහින් ඒ ගෙවල්වල මිනිස්සුන්ට අයුතු බලපෑම් කරනවා. මාලිමාවට ඡන්දේ දෙන්න කියලා. මේක ත්‍රස්තවාදයක්. නවත්තපු එකට ගොඩාක් ස්තූතියි...!