IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ගිංතොට සිද්ධිය බැලීමට අගමැති යයි

කලබලකාරී ලෙස හැසිරෙමින් ගැටුමක් ඇතිකර දේපලවලට හානි සිදුකළ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරන්නැයි දැනටමත් පොලිසියට දැනුම් දී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) කීවේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගිංතොට දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට එහි ගිය අවස්ථාවේ අදහස් දක්වමිනි.

සිද්ධිය හේතුවෙන් හානියට පත් නිවාස හා වෙළෙඳ සැල් කිහිපයක් අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය. එහි දී සිංහල ගැමියන් පිරිසක් හා මුස්ලිම් පිරිසක් සමග අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කළේය. මේ අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය හා ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක වජිර අබේවර්ධන මහතා දල නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ද පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ද එක්ව සිටියහ.

අගමැතිවරයා ප්‍රථමයෙන් මහහපුගල  විදානගොඩ ප්‍රහාරයට ලක්වූ නිවසක් පරීක්ෂා කළ අතර එහි දී අග්‍රාමාත්‍යවරයා මෙසේ කීවේය.

“අපි රජයක් ලෙස නීතිය හා සාමය ආරක්ෂා කරන්න කටයුතු කරනවාග දැන් මේ ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවාග ඇතැම් අය පවසනවා අපේ පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු ද මෙයට සම්බන්ධ වී සිටින බව, එවැනි අයටත් අනිවාර්යයෙන් ම දඬුවම් කළ යුතුයි. ඒ වගේ ම අපි ග්‍රාම නිලධාරීවරුන් මගින් මේ හානි පිළිබඳ වාර්තාවක් අරගෙන එය තක්සේරු කරලා රජය මගින් හානිය සම්බන්ධයෙන් වන්දි මුදලක් ගෙවීමට කටයුතු කරනවා. දැනට පොලිස් වාර්තා නොතිබුණා කියා කවුරුවත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. සියළුම දේ සම්බන්ධයෙන් මා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාටත්, නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාටත් අවශ්‍ය උපදෙස් දී තිබෙනවා. දැන් අවශ්‍ය වන්නේ මේ තත්ත්වය පාලනය කරලා සාමය ඇතිකරන්න.මේ ගමේ දෙපිරිස ම එකට සමගියෙන් ජීවත්විය යුතුයි. අපි ඒ සඳහා ඉක්මණින් අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. සමගිය යළි ඇතිකිරීම සිදුකමින් යන අතර පිටතින් එන පුද්ගලයන් මේවගේ ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීම සඳහා අපි පොලිස් හා හමුදා ආරක්ෂාව යොදා තිබෙනවා. ඇඳිරිනීතියත් මේ ප්‍රදේශයට පමණක් අවශ්‍යනම් පනවන්න කියා අපි උපදෙස් දී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා හා මැති ඇමතිවරු පිරිස දෙවනුව ප්‍රහාරයට ලක්වූ මුස්ලිම් ජාතික නිවසකට ද ගියේය.  එහි නිවැසි මොහොමඩ් වඩූඩ් මහතා කියා සිටියේ සිංහල හා මුස්ලිම් දෙපිරිස දශක ගණනාවක් මේ ගමේ ඉතා සමගියෙන් ජීවත් වූ බවයි. මෙවැනි සුළු සිද්ධියක් පදනම් කරගනිමින් ඇතැම් පිරිස් විනාශයක් කිරීමට ගන්නා උත්සාහය නතර කර දෙන ලෙස ද ඔහු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

එහි දී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඉදිරියට කිසිදු සිද්ධියක් වීමට රජය ඉඩ නොතබන බවයි. දැනට අවශ්‍ය ආරක්ෂාව තහවුරු කර ඇති බවත් හානි සිදුවූ දේපලවලට වන්දි ලබාදීමට රජය ක්‍රියාකරන බවත් අගමැතිවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මෙසේ කීවේය.

අපි සිද්ධිය ඇතිවූ වහාම පොලිසිය හා විශේෂ කාර්ය බළකාය යෙදවූවා. ඒ නිසා මුල් දවසේම තත්ත්වය පාලනය කරගන්න හැකියාව ලැබුණා. පසුදා ඉතා සාමකාමී තත්ත්වයක් තිබුණු නිසා පොලිස් විශේෂ කාර්ය බළකායේ ස්ථානගත කළ ආරක්ෂාව ඉවත් කරලා ජංගම මුර සේවා යොදවන්න කටයුතු කළා. මේ අතරේ තමයි පිරිසක් ඇවිත් පහරදීම කරල තියෙන්නේ. එය දැන් යළි සිදුවන්න ඉඩ තියන්නේ නැහැ.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එහි දී මෙසේ කීවේය.

,මේ ගමේ මුස්ලිම් හා සිංහල දෙපිරිස ම ඉතා සතුටින් සමාදානයෙන් ජීවත් වුණාග මේ තත්ත්වය ඇතිවුණේ විවිධ පුද්ගලයන් ගෙනයන අසත්‍ය ප්‍රකාශ නිසා ගොඩක් බොරු ප්‍රචාර යනවා. මේ අවස්ථාවේ ඒවාට රැවටෙන්නේ නැතිව ඉන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

හානි සිදුව ඇති දේපලවලට වන්දි මුදල් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස දිසාපති නීතිඥ එස්ටී.කොඩිකාර මහතා ඇතුළු රාජ්‍යනිලධාරීන්ට මෙහි දී අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය. ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා තවදුරටත් ත්‍රිවිධ හමුදාවල පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන ලෙසත් පිටතින් පුද්ගලයන් පැමිණ යම් කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය වුවහොත් ඇදිරිනීතිය යෙදීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

 

 

 



අදහස් (8)

ගිංතොට සිද්ධිය බැලීමට අගමැති යයි

කුමාර් (ගල්ෆ්) Sunday, 19 November 2017 08:43 AM

නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැති අමනයන් පාලනට කරන රටක්. " මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු"

:       2408       3703

ජයරත්න Sunday, 19 November 2017 09:06 AM

මොනව වුනත් මේ ප්‍රශ්නෙදි ආණ්ඩුව නිවැරදි ලෙස ක්‍රියා කරල ලොකු විනාශයක් වැළැක්වුවා. පිටින් ගිහින් කලබල ඇති කරපු අයට දැඩි දඬුවම් දෙන්න.

:       1075       1132

sahan Sunday, 19 November 2017 09:49 AM

සහතික ඇත්ත, මේ ආණ්ඩුවේ වැරැද්ද අමනයෝ ටික ඇතුලට නොදාපු එකයි. ගිංතොටටත් කරන්න හැදුවේ දර්ගා වල කරපු දේම තමයි.

:       1226       626

priyanjan Sunday, 19 November 2017 10:27 AM

මුස්ලිම් ජනතාව, සිංහල ජනතාව පීඩනයට පත්කිරීමට සහ ආර්ථික ශක්තිය විනාශ කිරීමට ඒකරාශී වෙමින් සිටියි. මුස්ලිම් නායකයන් මේ සම්බන්ධ තම ස්ථාවරය වහාම රටට හෙලිකල යුතුයි.

:       631       2490

Lal Sunday, 19 November 2017 12:08 PM

සිංහල අයට විතරක් තරාතිරම නොබලා දඬුවම් දෙන්න අගමතිතුමෝ. අනිත් අයට දඬුවම් දෙන්න ගිහිල්ලා ඡන්දටික නැතිකරගන්න තරම් අනුවණ නැහැ මේ අගමැතිතුමා.

:       604       1126

r.a.n.ranasinghe Sunday, 19 November 2017 12:10 PM

කුමාර් (ගල්ෆ්) නීතිය ක්‍රියාත්මක කරන්නේ සිංහලයා නැතුව අමනයෝ නෙවෙයි. සතුටුවෙන්න මේ තත්වයෙන් හරි මේ සිදුවීම නවත්වාගැනීමට ලැබීම ගැන. මොකද දවසක තත්වය ඉතාමත් ශෝචනීය වෙන්න පුළුවන් රටට වින කරන උදවියට..

:       134       90

anura Sunday, 19 November 2017 06:26 PM

මේ කලබල ඇතිකරන්නේ.... ඒකාබද්ධ විපක්ෂයේ... පිරිස් ඒ අය ජාතිවාදී හා ආගම්වාදී පිරිස්. අපේ ශ්‍රී ලංකාවට ඕනෑ සාමයයි සමගියයි ..!!!

:       0       15

k.sangakkara Monday, 20 November 2017 03:29 AM

ඉතාමත් කනගාටුදායක අවාසනාවන්ත සිද්ධියක් . පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු ද මෙයට සම්බන්ධ වී සිටින බවත් , එවැනි අයටත් අනිවාර්යයෙන් ම දඬුවම් දෙන බවත් අගමැතිතුමා පැවසීම අගයකලයුතු සේම ඒය ක්‍රියාවට නැංවීම එතුමාගේ යුතුකමක්. දේශපාලන අරමුණු සඳහා මෙරටේ ජනතාව බිලි දීම අනුමත කල නොහැකි සේම මේ සිද්ධිය ඇතිකොට බැඳුම්කර සිද්ධිය ගැන කෝප් කමිටු සාමාජිකයන් ගැන රහස් පොලිසිය එළිකළ කරුණු ජනතාවට අමතක කර යට ගැසීමේ දේශපාලන කුමන්ත්‍රණ පරාජය කිරීම අපි සැමගේ යුතුකම වෙනවා .

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 913 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 261 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 97 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 910 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 671 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 230 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 722 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site