අනුරාධපුර මහමෙව්නා පුදබිමේ මත්පැන් පානයකොට අශෝබන ආකාරයට හැසුරුණු බව කියන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උප නියාමකවරියන් සිව් දෙනකු හා නියාමකවරු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර සිවිල් ආරක්ෂක මූලස්ථානය කියයි.
සිද්ධිය දුටුවන් මේ පිළිබඳ දුරකථනයෙන් අනුරාධපුර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට දැන්වීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
එම පිරිස අටමස්ථානයේ පිරිසුදු කිරීම් කටයුතුවලට යොදවා සිට ඇති අතර වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමෙන් පසු නියාමකවරියන් සිවුදෙනාගෙන් තිදෙනකු හෝ නියාමකවරු දෙදෙනාත් මත්පැන් පානය කර ඇතැයි තහවුරු වී ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.