IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගෝඨා - සමන් ඒකනායක සී.අයි.ඩී.යට කැඳවයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන් සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ගාලු මුවදොර පිටියේ ‘අරගලය’ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුන් ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව ආරංචි මාර්ග පැවැසුවේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් රාජාධානි සංචාරය සහ එහිදී රාජ්‍ය අරමුදල් අවභාවිත වී ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද(01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිත බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

 



අදහස් (7)

ගෝඨා - සමන් ඒකනායක සී.අයි.ඩී.යට කැඳවයි

වින්සන්ට් කජ්ජා Sunday, 31 August 2025 08:02 PM

මේ දෙන්න මදුරුවෙක් මරන්න තරම්වත් හදල නෑනේ. ඒ හින්ද බයවෙන්න කිසිම හේතුවක් නෑ. තිස්තුන් කෝටියක් දෙයියෝම රැකදෙන්න ඕන.

:       2       4

Vis8 Sunday, 31 August 2025 11:59 PM

ගෝඨා හරිම කරුණාවන්තයි. වෙන ඕනෑම නායකයෙක් මේ පාදඩයන්ව මරලා දායි. ජනතා විමුක්ති පෙරමුණ පෙන්නනවා ඒවා කොච්චර හිස්ද බොරුද කියලා.

:       5       2

Angna Kouross Tuesday, 02 September 2025 10:16 AM

මාතලේ මිනිස්සුන්ගෙන් අහල බැලුවොත් ගෝටා හිටපු කාලෙ ගැන හොඳටම දැනගන්න පුළුවන් වෙයි.

:       0       0

ෙපතියා ෙපාර ෙඡාකා Monday, 01 September 2025 07:47 AM

බලු වැඩ කරපු අමන බල්ලන්ට මිනිස්සුන්ගේ සාපෙයන් හා දෙවියන්ගේ කෝපයෙන් ගැලවීමක් නැත.

:       2       6

Perera Monday, 01 September 2025 07:54 AM

විජලනය හදාගෙන රෝහල්ගත වුනොත්... එකක්වත් ඕනේ නෑ.

:       2       5

අරවින්ද මොණරවිල Monday, 01 September 2025 10:49 AM

ගෝඨාට නම් තව කල් තියෙනවා, සමන්ට නම් බිරිඳ සහ දරුවන් සිප සනසලා එන්න වෙයි, වැලිකඩ බෝඩිමේ කාමරයක් පදිංචි වෙන්න.

:       2       3

fairoos Monday, 01 September 2025 12:19 PM

එතකොට රට බංකොළොත් කරපු එකටයි, අනිත් අගල්වල අයටයි කරපු හිරිහැරවලට මුකුත් නැද්ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 94 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site