(මනෝපීය ගුණසේකර )
තමාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෝෂමක් මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෝෂමක් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් ප්‍රසන්න අමරසේන මහතාගෙන් එම ඉල්ලීම කර ඇත.
සිංගප්පූරු රෝහලකදී සිදුකිරීමට නියමිත හෘදර් සැත්කමට අදාල පශ්චාත් ප්‍රතිකාර කටයුතු සඳහා එහි යෑමට අවශ්‍ය වී ඇති බව පවසමින් තමාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉල්ලා සිටි.
පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවා ඇත.
ඒ මීට මාස හතරකට පමණ පෙර රහස් පොලිසිය කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් කරන ලද ඉල්ලීමක්ට අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න එපා, අර්ජුන් මහේන්ද්‍රන් කෝ?
ගියොත් නොඒ, අර්ජුන් වේ, නොදෙනු මැනේ
බලාගෙන යනකොට මේ හැමෝගෙම හදවත් කුණුවෙලා. ඇත්තටම පිරිසිදු හදවත් තියෙන මිනිස්සුන්ට කරන්න බැරි දේවල් නේ මුන් කරලා තියෙන්නේ…! කොහේවත් යන්න නොදී කුණුවෙන්නම අරින්නයි තියෙන්නේ…
එකම මෝඩකම අනුර කුමාර දිසානායක මහතා කරයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ,, කලින් මතකද අර්ජුන මහේන්ද්‍රන් යවලා අදටත් නෑ,, උසාවියෙන් යන්න අවසර දුන්නොත් එම අවසරය දුන් කෙනා වගකීම භාර ගන්න ක්‍රමයක් හදන්න
ශිරන්ති අවලෝකෙ නැවතිලා පරීක්ෂා කලා. සිංගප්පූරු ගියා. ඒ දෙගොල්ලන්ටම ලෙඩ හොයාගන්න බැරිවුනා. ජාතික රෝහලේ වෛද්‍යවරු ඔය භයානක ලෙඩ ඔක්කොම හොයාගත්තේ. මොකට සිංගප්පූරු යනවද?
මල කෙලියයි ! මැදමූලන චෞර රාජ-පස්ස පරම්පරාවේ හැම එකාටම හෘද රෝග හැදෙන්න පටන් අරං. හෙරලිය මහ අම්මන්ඩිට වගේම උන්දෑගෙ මංඤං මචංටත් හෘද සැත්කමක් කරන්න ඕනෑ වෙලාලු, ඒකට සිංගප්පූරුවට යාමට අවසර ඉල්ලා තිබෙනවා. හැබැයි පුතො, මූට එහෙ යන්න දුන්නොත් එහෙම ආපහු ලංකාවෙ පස් පාගන්න එනවා කියලා නම් හිතන්න එපා... රාජපස්ස පරම්පරාවෙ හැම එකාම මාර කපටියො, ලොක හොරු බව කවුද නොදන්නේ ??? ශ්‍රී ලංකාවේ ඔය වගේ හෘද සැත්කම් කරන්න බැරිද ? කරලත් නැද්ද ? ඔය වගේ මර ලෙඩ වලට රට යන්න තටමන උන් මෙරටෙදී විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට අවශ්‍ය නව නීති පද්ධති සකස් කල යුතු වෙනවා ....
ගොඩාක් දෙනෙකුගේ ලෙඩ මතු වෙන්නේ නඩු වැටුණට පස්සෙනේ. ඒකත් දැන් විලාසිතාවක් වගේ වෙලා.
මුන්ට ලංකාවෙ රෝහල් සැප මදි, මොකද මුන් හිතන්නෙ මුන්ගෙ ජීවිත රටේ මිනිසුන්ගෙ ජීවිත වලට වඩා වටිනව කියල. කොුටි ගනන් ජනතාවගෙ මුදල් පිල්ලි ගහල දැන් යනව රට ලෙඩ හොදකරගන්න, ඔය ඉස්පිරිතාලෙකට දවසට ලක්ෂ 2-3 මෙරට මුදලින් යනව ඇති, මුන් සල්ලි හෙව්වෙ දේශපාලනෙන්, බලයට ආපු දා සිට කලේ හොරකන් කරන එක. මේක ගියොත් නැවත එන්නෙ නැ, එහෙන් පනියි වෙන රටකට , යන්න දෙන්න එපා, පාස්කු නඩුව නිසා
ඇයි මෙහේ හාර්ට් සර්ජරි කරන්න බැරිද? ඔන්න ඔහේ ගිහින් ආපු දෙන් රටේ ජනතාවට කරපු පල විපාක සොබාදහමෙන් ලැබිලා ඉවරයි.
මේ පවුල අවුරුදු කීයක් රට පාලනය කළාද? ඒත් මුන් තාම බෙහෙත් ගන්න යන්නේ සිංගප්පූරු. මේකම මදිද මුන් මොන වගේ මිනිස්සුද කියලා තේරුම් ගන්න?
ලංකාවේ ඉතාම හොන්ද දක්ෂ දොස්තරලා ඉන්නවා.ගෝඨාගේ නීනීතිඥයෝ උපදෙස් දෙන්ඩ ඇති සින්ගප්පූරු යන්ඩ කියලා?එක්තරා විදියක රඟපෑමක් වගේ?