IMG-LOGO

ගෝඨාභයට ගෙදර යන්න වැඩ කළේ රාජ්‍ය නිලධාරීන්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ගෝඨාභය රාජපක්ෂට ගෙදර යෑමට වැඩ කළේ ප්‍රධාන  රාජ්‍ය නිලධාරීන් බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ  මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.

ලංකාවේ බදු අය කිරීම සම්බන්ධයෙන් අද දවසේ  විශේෂ සාකච්ඡාවක් මතුවී පවතින බවද ඔහු සඳහන් කළේ‍ය.

වලේබොඩ  මහතා මෙසේ පැවසුවේ ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමය පිළිබඳ විවාදයේදීය.

ගාමිණී වලේබොඩ මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

අද වෙළෙඳපොළ විශාල වශයෙන් කඩා වැටීමකට ලක්වෙලා.  මේ අතරෙදි  ආදායම් බදු අනුපාතය වැඩි කරන්න යනවා. ඩොලර් ගේන අයට සම්පූර්ණ සහය දීලා තියෙනවා. කාබනික විප්ලවය කර රටේ කෘෂිකර්මය නැත්තටම නැති කළා. ආදායම් බදු හරහා මෙරට ව්‍යාපාර පැලැන්තිය විනාශ  නොකළ  යුතුයි

අපට තමයි මූල්‍ය  වගකීම තියෙන්නේ. උණ්ඩියල් ක්‍රමයට සල්ලි එවන්න කිව්වා. විදේශ විනිමය  නැතිවුණේ ඒ නිසයි. තෝරගත්ත ව්‍යාපාරවලට විතරක් බදු හඳුන්වාදීමෙන් ප්‍රතිඵලයක් අත්වන්නේ නෑ. ආර්ථිකය නංවන ව්‍යාපෘතිවලට පුළුල් බදු සහන දිය යුතුයි. මේ ප්‍රශ්නයට ආණ්ඩුවට  තනියම මුහුණ දෙන්න බෑ. විපක්ෂයටත් බෑ. ඒ නිසා රට වෙනුවෙන්   අවම ඒකාබද්ධ වැඩපිළිවෙලක්  සකස් කර ක්‍රියාත්මක කළ යුතුයි. ඒ හරහා ආර්ථිකය ගොඩනැංවිය යුතුයි. දුප්පතුන් ආරක්ෂා කිරීමටත් විධිමත්  වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.



අදහස් (6)

ගෝඨාභයට ගෙදර යන්න වැඩ කළේ රාජ්‍ය නිලධාරීන්

ravin Tuesday, 04 October 2022 04:44 PM

නිලධාරීන්? අපි නම් දන්නා තරමින් ඔහුගේම යයි කියාගන්නා උදවියගේ පිහිටෙන් තමයි ගියේ... වැරැදි උපදෙස් දෙන නිලධාරීන් පත්කර ගත්තේ කාගේ උපදෙසින්ද?

:       0       1

Sunil Tuesday, 04 October 2022 04:46 PM

එයාට මොලයක් නැති නිසානේ වැරැදි උපදෙස් ඉස්මුදුනෙන් පිළිගත්තේ...!

:       0       0

fairoos Tuesday, 04 October 2022 04:51 PM

මේ එළියට එන්නේ නියම බයියෝ... රට බංකොළොත් කරපු අයට නම් හෙණ වදිනවා.

:       0       0

susantha Tuesday, 04 October 2022 05:59 PM

ගෝඨාභයට ගෙදර යන්න වැඩේ කළේ නිලධාරියෝ නෙවෙයි, ගෝඨාභයමයි. ආපු දවසේ ඉඳන් කළේ නඩු ටික අයින් කරගන්න එකයි. කයිවාරු ගහන්නේ ඒකයි. පවුලේ අනිත් හොර තක්කඩින්ටයි, වටේ ඉන්න පල් හොරුන්ටයි හොරා කන්න දුන්නු එක විතරයි..

:       0       0

Perera Wednesday, 05 October 2022 09:25 AM

දුප්පතුන් තව ටික දවසකින් හාමතේ මැරිලා ගියාම ඔවුන්ව ආරක්ෂා කරන්න දේකුත් නැහැ. එතකොට ලංකාවේ ජනතාව සුපිරි, ධනවත් ජනතාවක් බවටත් පත්වෙනවා.

:       0       0

ගමේ එකා Thursday, 06 October 2022 08:24 AM

බැසිල්, මහින්ද ,නාමල් හා රජයේ ඉහල නිලධාරීන්ගේ ප්ලැන් එකක් තමයි ගෝටාභය ඉවත් කිරීම. නැවත මහින්දට බලය ගැනීම හා නාමල්ට තැනක් දීම. මෝඩ ගෝටට ඒක තේරුනේ නෑ. ලොක්කා වගේ රැඟුවා මෙලෝ සිහියක් නැතුව. කබ්රාල් වගේ උන්, පොහොරා තමයි ලොකු වැඩ කොටසක් කෙරුවේ. අනිකා වෛද්‍ය වරයෙක් කියාගත්තු ගොවියා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 37 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 664 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site