
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ 14 වන සේනාංකය යටතේ ඇති 141 පාබල බලසේනා මුලස්ථානයට අයත් 2 වන ශ්‍රිලංකා යුධහමුදා සේවා බලකායේ භටපිරිස් 13 පස්වරුවේ කටයුතු කළහ.
මෙම වැසියන් ජල ගැල්ම හේතුවෙන් ඔවුන්ගේ නිවෙස් වල කොටුවී සිටියදී ගමනා ගමන පහසුකම් සියල්ල ඇනහිට තිබීම හේතුවෙන් යුධ හමුදා භට පිරිස් මෙම පිරිස මුදවාගැනීමේ මානුෂීය මෙහෙයුමක යෙදිණි.
පීඩාවට පත්ව සිටියදී මුදා ගත් වයෝවෘද්ධ පුද්ගලයන් ඇතුළු පිරිස් සදහා අවශ්‍ය පහසුකම් සලසාදීමටද යුද හමුදා නිලධාරින් විසින් පියවර ගනු ලැබීය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.