IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කේ. ජයතිලක අභාවප‍්‍රාප්ත වේ

ශ්‍රී ලංකාවේ ගත්කරුවරයකු හා පඬිවරයකු වූ කේ. ජයතිලක (85) මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී මින් මඳ වේලාවකට පෙර අභාවප‍්‍රාප්ත විය. ජයතිලක මහතා නවකතා කෙටිකතා හා විචාර ග‍්‍රන්ථ මගින් සිංහල සාහිත්‍ය පෝෂණය කළ විද්වතෙකි. 1926 ජූනි මස 27 වැනිදා ගම්පහ කන්නිමහරදී ඔහු උපත ලැබීය. ජයතිලකයන් මූලික අධ්‍යාපනය ලැබුවේ රදාවාන ආණ්ඩුවේ පිරිමි පාඨශාලාවෙනි. ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත‍්‍රවේදී උපාධිය ලබාගත් ඔහු 1943 දී වියෝ දසුන නම් කාව්‍ය ග‍්‍රන්ථය රචනා කරමින් ග‍්‍රන්ථකරණයට පිවිසියේය. කේ. ජයතිලකයන් නවකතා 16ක්ද කෙටි කතා සංග‍්‍රහයන් 8ක්ද විචාර ග‍්‍රන්ථ 9ක් ද සිංහල සාහිත්‍යයට දායාද කර ඇත. මීට අමතරව පැරැණි ග‍්‍රන්ථ කීපයක සංස්කරණද ළමා පොත් කීපයක් ද ඔහු අතින් රචනා විය. මියයන තුරුම ග‍්‍රන්ථකරණයේ නියැලි කේ. ජයතිලකයන්ට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හතක් හිමිව ඇත. ඔහුගේ භාෂා සාහිත්‍ය සේවාව අගයමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඔහුට සාහිත්‍ය සූරී සම්මාන උපාධිය පිරිනැමීය. මීට අමතරව සාහිත්‍ය රත්න රාජ්‍ය සම්මානයද ඔහුට හිමිවිය. ප‍්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක සමග විවාහ වී සිටින ජයතිලක මහතා සිවුදරු පියෙකි. දේහය අද (15) පෙරවරුවේ කන්නිමහරට රැගෙන යන බවත් අවසන් කටයුතු ඉරිදා සවස කන්නිමහරදී සිදු කරන බවත් පවුලේ ප‍්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (0)

කේ. ජයතිලක අභාවප‍්‍රාප්ත වේ

SAMARASEKARA GROUP Friday, 16 September 2011 08:32 AM

ඔබට නිවන් සුව හිමිවේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 69 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site