(යොහාන් භාසුර)

රුපියල් කෝටි 6 ක් පමණ වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ දෙකකට අධික ප‍්‍රමාණයක් සමඟ දකුණු අප‍්‍රිකානු ජාතිකයකු රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය අද  කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනීමට සමත් විය.

කෙන්යාවේ නයිරෝබි නුවර සිට ශ‍්‍රී ලංකාවට පැමිණි මෙම පුද්ගලයාගේ පෞද්ගලික භාණ්ඩ පරීක්ෂා කිරීමේදී ගමන් බෑගයේ ෂැම්පු බෝතල දෙකක් තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ පාර්සල් තුනක කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 2.29 ක් සොයාගත් බවත් මූලික විමර්ශනවලින් පසුව එම පුද්ගලයා සහ මත්ද්‍රව්‍ය පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාරදුන් බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා කියයි.