
(අජිත්ලාල් ශාන්ත උදය, ජයන්ත නානායක්කාර සහ ජී.ආර්. ගමගේ)
මාළිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරටත් අද පරාජය ට පත්විය .
කොලොන්න ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී සභාපති කේ.එම්.සී.සම්පත් ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි .
කොලොන්න ප්‍රාදේශීය සභාවේ සභික සංඛ්‍යාව 19කි. බලය ඇත්තේ සභිකයින් 09ක් හිමි මාළිමාවටය. විපක්ෂයට සභිකයින් 10කි. සජබ 05, පොහොට්ටුව 03, එජාප සහ දිලිත් ජයවීර මහතාගේ පක්ෂය ට එක බැගිනි. මෙවරත් පරාජයට පත්වූයේ වැඩි ජන්ද එක්කිනි.
රැස්වීම ආරම්භයේ විපක්ෂ සභිකයින් ආසන පැනවීමට විරෝධය දක්වමින් හිටගෙන සිටියහ. ඔවුන් මීට පෙර පැවති සභාවල ආසන වෙන්කළ ආකාරයට ආසන වෙන්කර දෙන්නැයි ඉල්ලා සිටියහ .
පසුව සබරගමු පළාත් පළාත් පාලන කොමසාරිස් කීර්ති බන්ඩාර මහතාගෙන් උපදෙස් ගත්තේය. ඔහු පෙන්වා දුන්නේ අකාරාදි පිළිවෙලට ආසන පනවා ඇති බවයි. ගැටලුවක් ඇතිනොකර කටයුතු කරන්නැයි උපදෙස් දුන්නේ ය. ඒ අනුව ආසන පනවා තිබූ ආකාරයට ම අසුන්ගෙන රැස්වීම ට එක්විය.
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
478
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළොන්න ප්‍රා.සභා අය වැය දෙවනවරටත් පරදි
ලයනි Wednesday, 10 December 2025 07:03 PM
මේ අරුම පුදුම දේවල් නොවෙයි. මේ තමයි රටේ පහත් දේශපාලන සංස්කෘතිය, අයවැයේ හොද නරක අදාල නැහැ. විපක්ෂය නම් විරුද්ධ විය යුතුමයි.... මේ රටට ඉස්සරහට එන්න අමාරුයි. මේ වැනි මිනිසුන් ඉන්නකන්...
T .B. ඇරෑපෝරුවWednesday, 10 December 2025 08:06 PM
ලයනි ගිහිල්ලා බලන්නකෝ ප්‍රාද්ශීය සභාවේ බල ප්‍රදේශයේ කෙල්ලගේ හංදියේ පොලක් තියෙනවා. පාරේ බෝක්කුවක් උඩත් වෙළදාම කරනවා ත්‍රීවීලර් එකක් හැර වෙන වාහනයකට යන්න බැහැ.. ඒක සභාවේ වරදක් නොවෙයිද එතැන සිට කොලොන්න දෙසට යනවිට පාර ඉතාම අබලන් පයින්වත් යන්න අමාරුයි... ලංකාවේ ආසන ක්‍රමයට මැතිවරණ පැවැත්වූ කාලයේ අංක 160 කොලොන්න ආසනයේ තිබුණු නගරය කොහොමද බලන්න ඇරෑපෝරුව පසුකර වාහනයක් යන්නම බැහැ. එහෙම නම් ප්‍රාද්ශීය සභාවේ අයවැය පරාජය සාධාරණ නැද්ද (මහාමාර්ග ප්‍රාද්ශීය සභාවට අයත් නැහැ තමයි. ඒත් සභාපති කියන්නේ ප්‍රදේශයේ ප්‍රධාන පුරවැසියා නිසා ආණ්ඩුවත් ඔවුන්ගේ නිසා අඩුපාඩු හැදීම ඔහුට කරවන්න පුළුවන්...)