IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොල්ල කෑ ඡංගම දුරකතනයේ ලක් තරුණියන් අටකගේ නිරුවත් ඡායා

(තිස්ස කොටින්කඩුව)

වත්තල ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු තම ජංගම දුරකතනය කොල්ල කෑ බවට ලැබුණු පැමිණිල්ලක් අනුව එම සැකකරුවන් දෙදෙනා සමග අත් අඩංගුවට ගත් එම ජංගම දුරකතනයේ වයස 18-20 අතර වියේ පසුවන ලාංකික තරුණියන් 8 දෙනකුගේ නිරුවත් ඡායාරුප සහ අසාභ්‍ය විඩියෝ දර්ශන ද අන්තර්ගතව තිබිම නිසා දුරකතනය හිමි පැමිණිලිකරු ද අත් අඩංගුවට ගත් බව බව වත්තල පොලිසිය පවසයි.

සිද්ධිය සමිබන්ධයෙන් මෙසේ සැකපිට අත් අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවෙල පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

දුරකතනය කොල්ලකන ලදැයි පැවසෙන වත්තල පදිංචි 25 සහ 30 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකුද පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය.

වත්තල පදිංචි තරුණයන් දෙදෙනකු ජංගම දුරකතනයක් මිළදි ගැනිමට අවශ්‍ය බව පවසා  පැමිණිලිකරු දෙහිවල සිට වත්තලට ගෙන්වා ගෙන තමන් සතු ලක්ෂයකට අධික වටිනා කමකින් යුත් තම දුරකතනය පැහර ගත් බව  වත්තල පොලිසියට පැමිණිල්ලක් ඉදිරි පත් කොට ඇත.

සිද්ධිය සමිබන්ධයෙන් සිදුකරණ ලද පරික්ෂණ කටයුතුවලින් අනතුරුව සැකකරුවන් දෙදෙදෙනකු සමග අදාල ජංගම දුරකතනයද අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඡංගම දුරකතනය කොල්ල කෑ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවකුගේ පෙමිවතියගේ නිරුවත් ඡායාරුපයයක්  එම ජංගම දුරකතයේ තිබෙන බවට පොලිසියට ලැබුණු තොරතුරු අනුව පරික්ෂා කිරීමේදී  ශ්‍රි ලාංකික තරුණියන් තවත් අට දෙනකුගේ සහ තවත් අසාභ්‍ය දර්ශන ඇතුලත් විඩියෝ හඩ පටියක් සොයා ගැනිමට හැකිවු බව පොලිසිය පවසයි.

 



අදහස් (2)

කොල්ල කෑ ඡංගම දුරකතනයේ ලක් තරුණියන් අටකගේ නිරුවත් ඡායා

sunanada Wednesday, 28 July 2021 08:34 PM

ඔන්න මහත්මිය දෙවියන්ගෙන් තීන්දුවක් ආවා... පවතින රජයෙන් සියලුම තාන්න මාන්න වලින් අස් වෙන්න. ඔබ නිදහස් දැන්...

:       6       0

SamanthiThursday, 29 July 2021 12:10 AM

කොහෙද යන්නේ මල්ලේ පොල් කිව්වාලු. කමෙන්ට් කරනකොට පොඩ්ඩක් චෙක් කරන්න...

:       0       54

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site