IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොල්ලුරේ පක්ෂ සභාපති තනතුරින් නෙරපයි

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ සභාපති තනතුරින් රාජා කොල්ලුරේ මහතා ඉවත් කළ බව එම පක්ෂය සඳහන් කරයි.

කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කොළඹ පක්ෂ මූලස්ථානයට අද රැස්වූ අතර රාජා කොල්ලුරේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට එහිදී පියවර ගෙන ඇත.

වයඹ ආණ්ඩුකාරධූරය ද දරන කොල්ලුරේ මහතා ඉකුත් දා විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩවර්ජනයේ නිරත ගුරුවරුන්ගේ වැටුප් කප්පාදු කිරීම කෙරෙහි සලකා බලන බව සඳහන් කළේය.

කොල්ලුරේ මහතාගේ එම ප්‍රකාශය ආන්දෝලනාත්මක වූ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිතිවල දැඩි විවේචනයට ද ලක්විය.

කොල්ලුරේ මහතාගේ එම ප්‍රකාශය කොමියුනිස්ට්  පක්ෂය ද හෙළා දැක තිබූ අතර එම ප්‍රකාශය නිසා ඔහු පක්ෂ තනතුරින් ඉවත් කර ඇතැයි ද වාර්තා වෙයි.

 



අදහස් (16)

කොල්ලුරේ පක්ෂ සභාපති තනතුරින් නෙරපයි

Thilak Rohana Sunday, 24 October 2021 01:54 PM

වර්තමානයේ කෙලින් තීරණයක් ගත්තේ කොමියුනිස්ට් පක්ෂය පමණි. වටිනා ආදර්ශයක්... අගය කරමු

:       2       67

Willow Drive Sunday, 24 October 2021 03:55 PM

ගුරු වර්ජනය කඩාකප්පල් වුණානම් මුලු කම්කරු අරගලයට අනාගතයක් නැතිවෙනවා...

:       7       28

chandana Sunday, 24 October 2021 04:19 PM

කම්කරුවාට තම පීඩනය පිට කරන්න තියෙන ප්‍රධාන ක්‍රමයක් තමයි අරගලය. කම්කරු නායකයන්ට තම පැවැත්ම රැකගැනීම සඳහා ප්‍රධාන ක්‍රමවේදයක් තමයි අරගලය. හැබැයි රට දියුණු කරන්න අරගලය හරියන්නේ නැති බව පාලන තන්ත්‍රයට සහභාගි වෙනකොට තේරෙනවා. හැමෝම කරන්නේ තමන්ගේ න්‍යාය පත්‍ර අනුව හීන් චූන් එකක් ගන්න එක තමයි. කොහොම වුණත් ළමයින්ගේ පැත්තෙන් ගත්තොත් මෙතෙක් නොදැකපු කාලකන්නිම වර්ජනය සහ නිසි පරිදි පාලනය නොකරපුම වර්ජනය. හරි තීරණ ගත්තා නම් දරුවන්ට ආදරේ කට්ටිය විතරක් රඳවාගෙන ඉතිරි පුරප්පාඩු ප්‍රමාණයෙන් රැකියා වියුක්තියට විසඳුම් හොයන්නත් තිබුණා. කොල්ලුරේ මහත්තයා වුනේ කටමැත දොඩවන්නේ නැතිව නියම වෙලාවට සේවය හැරයාම් ගහන්නයි. එතකොට බලාගන්න තිබුණා කයිවාරු කාරයින්ගේ පදයට නටන අයගේ දුක් අඳෝනා...

:       18       9

Andy_LKSunday, 24 October 2021 05:34 PM

ඔබ මහා ධනස්කන්ධයක් හිමි රටේ සුලුතරයෙන් කෙනෙක් නොවේ යැයි සිතමි. එසේ තිබියදී, ඔබගේ පන්තියම නියෝජනය කරන තවත් කොටසක් වන ගුරුවරුන් ගැන වහෙන් ඔරෝ ප‍්‍රකාශයක් සිදුකර තිබීම ගැන කණගාටු වෙමි. උසස් සේවාවක් ලැබීමට නම්, උසස් සැළකීමක් පැවතිය යුතු බවත්, එය ගුරු සේවයටද අදාළ බවත්, එම සේවාව ලබාදීම සඳහා රජයක් එතැනට පත්කරවීම, පොදුවේ අපේ පන්තියේ වගකීම වන බවත්, මීළග වතාවේ අදහස් දැක්වීමේ දී, සිතා බලනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

:       5       22

Ashan Monday, 25 October 2021 03:06 AM

ඔබ වැනි කොන්ද පනනැති රජාට වහල්කම් කරන මිනිසුන් ඉතිහාසයේ පටන් අද දක්වා සිටින බව අපි දනිමු. සේවා ලාභියාට අවහිර නොවන අරගලයක් මා නම් දැක නැත. අරගලයක පරමාර්තයම සේවා අවහිරකොට ඉල්ලීම් දිනාගැනීමයි. ඔබ පිනට කන්නෙකු නොවේනම් ඔබට ලැබෙන සියලු වරප්‍රසාද අතීතයේ අරගල නිසා ලැබුනු දේ බව අමතක නොකරන්න.

:       0       3

ravin Sunday, 24 October 2021 04:22 PM

කම්කරු අරගල කරන්න ජනාධිපති ආරක්ෂකයින්ට හැකිද?

:       2       12

Sunil Sunday, 24 October 2021 04:32 PM

මොහු පක්ෂයේ උදාර ප්‍රතිපත්ති අමතක කර රජයෙන් පින්බත් ගිලින බත්බැලයෙක් බවට පත්ව සිටී. එහෙව් අයගෙන් නිරෝධන පන්තියට සෙතක් බලාපොරොත්තු විය නොහැක. පක්ෂ සාමාජිකයිනුත් නෙරපමු. 77 - 89 ඉතාම දුෂ්කර යුගයකදීවත් පක්ෂය තම ප්‍රතිපත්ති අත්හලේ නැහැ.

:       2       29

chandanaMonday, 25 October 2021 08:25 AM

මෙතරම් උදාර මේ පක්ෂයට ඔබ කීවරක් ඡන්දය දී ඇත්ද. සමස්ථයක් ලෙස මේ පක්ෂයට ඡන්ද කීයක් පමණ ඇත්ද. සාපේක්ෂව සියල්ල තීරණය වන්නේ මහජන මතය අනුවය.

:       0       0

Rohana Sunday, 24 October 2021 05:30 PM

ගුරුවරුන්ගේ පඩිකපන්න කතා කලේ තමුන් ඉන්නා තැන අමතක වී තනතුරේ ඌෂ්ණය ඇඟට වැදීම නිසයි. දැන් ඒකට දඬුවම ලැබුණත් පක්ෂයෙන්ද ඉවත් කළොත් දඬුවම සර්ව සම්පූර්ණ වෙනවා.

:       0       23

SLSunday, 24 October 2021 06:23 PM

ලැජ්ජා නැතිද වැඩ කරන්නේ නැතිව පඩි ගන්න..?.

:       23       1

ලලිත් අම්බලන්ගොඩ Sunday, 24 October 2021 06:25 PM

මොහු පක්ෂයෙන්ම නෙරපා හැරිය යුතුයි....

:       0       17

Lalith M Monday, 25 October 2021 12:12 AM

ලොක්කන්ගේ කකුල් ලෙවකන්න ගියා. වෙන දේ දැක්කද. කම්කරු සහ සේවක අරගල කඩාකප්පල් කරපු එකම කොමියුනිස්ට් නායකයා.....

:       0       0

ranjan Monday, 25 October 2021 06:27 AM

වාමාංශික පක්ෂයක ජ්‍යෙෂ්ඨයෙක් උනත් අවසාන කාලේ තමන්ගේ පක්ෂේ ඉදිරියේ මල පහ කළා වගේ වැඩක් කරපු පුද්ගලයෙක්

:       0       0

Liyanage Monday, 25 October 2021 06:30 AM

වැඩකට නැති මිනිහා . කොමියුනිස්ට් පක්ෂයට සුබ පැතුම්. අවම වශයෙන් දැන් ඔබ ඔබේ නිෂ්ඵල තනතුරෙන්ද ඉල්ලා අස්විය යුතුය.

:       0       0

nanda Monday, 25 October 2021 06:31 AM

මස් කට්ටක් හමු උනාම ගෙදර අමතක වෙනවා.

:       0       0

sharm warn Monday, 25 October 2021 08:59 AM

හරිම කණගාටුයි. ගුරුතුමන්ලා වර්ජනයකට ගියේ ඇයි කියලා අමතක කරලා රාජ්‍ය මට්ටමින් පාසල් වල ඉගැන්වීම් වලට කරපු දෙයක් නැති වෙලාවේ ගුරුවරු තමන්ගේ අතින් වියදම් කරගෙන් ළමයින්ට ඉගැන්නුවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 620 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 116 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 846 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 873 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1245 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1129 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 218 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1428 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site