(සුජිත් හේවාජුලිගේ )
ජනතාව සෞඛ්‍ය නීතිවලට නිවැරදිව අනුගත නොවුණහොත් ශ්‍රී ලංකාව ඉදිරි දෙසතියේ දී ඉන්දියාවේ තත්වයට පත්විය හැකි යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.
මේ තත්ත්වය නිසා රටේ සියලු දෙනා සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු කරන්නැයි ඇය ඉල්ලීමක් කරන්නීය.
එසේ කටයුතු නොකළහොත් අනිවාර්යෙන්ම ඉන්දියාවේ තත්වයට පත්වන බවද ඇය කීවාය.
COMMENTS
දොස්තර නෝනේ, හැම සිවිල්, අපරාධ නීතියන් වගේම මේ කොරෝනා නීතිත් වැඩිපුරම කඩන්නේ මේ රට පාලනය කරන අසමජ්ජාති හොර මිනීමරු දේශපාලුවන් සහ වහල් මානසිකත්වයක් ඇති වහල්ලුන් පමණයි. කොරෝනා හැදිලා ඔවුන්ට කෙලවෙලා ගියොත් අපට මොන සැපක්ද? රටට කොයි තරම් සේවයක්ද?...
ඕක අපිට නෙවෙයි කියන්නේ පාලකයින්ට
අපි දැන් එංගලන්තය පරද්දලා 25 වෙනි තැනට ඇවිත් ඉන්නේ. අද රෑ 24 වෙනි තැන ඉන්න ඇමරිකාව පරද්දනවා.
මැඩම්, අපි පොදු ප්‍රවාහන සේවය භාවිතා කරමු. එහි කිසිදු නියාමනයක් නොමැත. ඉතින්, අපට බේරෙන්නේ කෙසේද?
මුඛ ආවරණය දමා නැති අය මෙන්ම මුඛ ආවරණය නිකටට පමණක් දමා ඇති අයද සිතන්නේ එය රජය විසින් කළ යුතු දෙයක් ලෙසට ය.... මෙවන් ආකල්ප තිබෙන තාක් කොරෝනා මර්දනය ලෙහෙසි වන්නේ නැත .
අපිට ඕව කියල වැඩක් නැහැ . ආණ්ඩුවට ඕව කියන්න. ඒ ගොල්ලෝ තමයි මිනිස්සුන්ට අනුබල දුන්නේ ඒකට . ඔය කට්ටියත් සද්ද නැතුව හිටියා එතකොට .
මේවනවිට ඉන්දියාවේ පුරවැසියන්ගේ සහ දේශපාලකයන්ගේ අනාරක්ෂිත ක්‍රියාදාමයන් නිසා covid -19 වෛරසයෙන් දිනකට දහස් ගණනින් මියයාමත් වෛරසය වේගයෙන් පැතිර යාමත් නිසා දිනකට ලක්ෂ ගණනින් රෝගීන්ගේ වැඩිවීමක් ඇත. ඉන්දියාවේ රෝහල් තුල මියයන්න්වූ රෝගීන්ගේ වාර්තාවන් ඉදිරිපත් කලද නිවෙස් තුල සහ වෙනත් තැන්වල මියයන ප්‍රමාණය වාර්තා වන ප්‍රමාණය මෙන් තුන් ගුණයක් බව වාර්තාවේ. මේවන විට බ්‍ර්තාන්‍ය.කැනඩාව සහ ඇමෙරිකාව බෙහෙත් සහ එන්නත් ඉන්දියාවට යැවීමට මේවන විටත් කට යුතු කර ඇත.
පළමු වරද කළේ බලයේ සිටිනා දේශපාලයන් හා කොවිඩ් පාලන අංශ.අවුරුදු කාලයේ හිතේ හැටියට මිනිසුන්ට හැසිරෙන්න දුන්නාම මේ තත්ත්වය ඇතිවෙන බව බොහෝ අය පෙන්වා දී තිබියදීත්,එය වටහා ගැනීමේ බුද්ධියක් ඔවුන් සැමට තිබුණේ නැහැ
මේ වෛද්‍ය සංගම් ඔක්කොම ප්‍රකාශ නිකුත් කරනවා විතරයි අර එක සංගමයක ප්‍රධාන පුද්ගලයෙක් ආගිය අතක් නැහැ මෙයාල ට බැරි ඇයි රජයට බලපෑමක් කරන්න ? කොරෝන මර්දනය කරපු හැම රටක්ම ඒ දේ කලේ රජය නිසි වෙලා වෙලවට අවශ්‍ය තීරණ ගතපු හින්ද ඊශ්‍රායලය , චීනය සිංගප්පූරුව උදාහරණ කීපයක් විතරයි . මිනිස්සුන්ට නිදහස දීල බැහැ දුන්නොත් එක වල්බූරු නිදහසක් වෙනවා රජයක් තියෙන්නේ එකට තමයි නමුත් ඉස්තාලේ වහන්න හදන්නේ අශ්වයා පැනල ගියාට පස්සේ -පව් අපේ රටේ අහිංසක මිනිස්සු ඒ හින්ද මේ සංගම් වලට මම කියන්නේ පින් සිද්ද වෙනවා මේ නිදාගෙන ඉන්න ආණ්ඩුව කූද්දල ගන්න ඒක මනුෂ්‍ය සංහතියට කරන මහගුසේවයක්
අන්තිම කෙරෝනා රෝගියාත් වාර්තා වී දින 14 යනතුරු මෙහෙමම අල්ලාගෙන සිටිමු. හිතුවොත් බැරි නැහැ.
ඒක අපි දන්නවා
මෙච්චර දෙයක් රටට වෙලත් පාලකයන්ට හරි තිරණ ගන්න හිතෙන්නෙ නැ.....මරණය පෙනි පෙනිත් ජනතාවට මාස් දාන්න සෞඛ්‍ය පුරුදු රකින්න හිතෙන්නෙ නැ....මටනම් හිතන්නෙ මේ කර්මය එළිපිටම පලිසන් දෙන්න පටන් ගන්න යන අවස්ථාවක් කියල....තව සතියකින් දෙකකින් මේ රටට උරුම වෙන දෙය ගැන හිතෙද්දිත් ඇති වන්නෙ දුකක්...සත්‍ය දැක දැකත් ඇස් කන් පේනනෙ නැති විදිහට හැසිරෙන රටක්....මොනව කරන්නද...? මේ වෙන්න මේ මොහොතෙ අපේ රටේ දෛවය වෙන්න ඇති...මේ වසංගතයෙන ටිකකට හරි බේරෙන්න නම් දැන්වත් මිනිස්සුයි පාලකයොයි සෞඛය පුරුදු රකිමින්...ධර්මයෙහි හැසිරෙමින් පරිස්සමින් හිතට එකගව ජවිත්වන්න පටන්ග ගන්න ඕන....
තවම මේ රෝගය සමාජගතවී නැද්ද???.
පුරසාරම් දොඩව දොඩව හැම ප්‍රශ්නයකටම ජනතාව වැරදිකරුවන් කිරීම විසඳුමක් නෙවෙයි . කළ හැකි උපරිමදේ කරන්න
සමිත ,චමින්ද මහත්වරු කියලා තියෙන දේ හරි. මොලේ උඩ ඉන්න බත්කන මෝඩයන්ට ඔය දේවල් නොතේරෙන එක කරුමයක් ?
කෝටි ගණන් මහජන මුදල් අවභාවිතා කරලා අවුලක් නැතිව ඉන්න පුළුවන් ලොක්කෝ ඉන්න රටක මේවා මොනවද.?