(ඩයනා උදයන්ගනී)
කොරෝනා ආසාදනය වීමෙන් තවත් විසි දෙදෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ මරණ ගණන 786 දක්ව ඉහළ ගොස් ඇත.
ඒ අනුව රාගම 72 හැවිරිදි පුද්ගලයෙක්,කඩවත 66 හැවිරිදි පුද්ගලයෙක්,මුල්ලේරියාව 60 හැවිරිදි කාන්තාවක්,තලවතුගොඩ 80 හැවිරිදි පුද්ගලයෙක්, මෙරටුව 67 හැවිරිදි පුද්ගලයෙක්, ලුණුකැටියමඩිත්ත 68 හැවිරිදි පුද්ගලයෙක්, පදියපැල්ල 76 හැවිරිදි කාන්තාවක්, කොළඹ අට 72හැවිරිදි පුද්ගලයෙක්, බුලත්කොහුපිටිය 61 හැවිරිදි කාන්තාවක්, හුන්නස්ගිටිය 84 හැවිරිදි කාන්තාවක්, කටුගස්තොට 57 හැවිරිදි පුද්ගලයෙක්,හල්ග්රනඔය 80 හැවිරිදි පුද්ගලයෙක්,හොරොව්අල්ල 73 හැවිරිදි පුද්ගලයෙක්,ගනේමුල්ල 83 හැවිරිදි කාන්තවක්, ගුරුදෙණිය 68 හැවිරිදි පුද්ගලයෙක්,කඩවත 73 හැවිරිදි පුද්ගලයෙක්,බිබිල 58 හැවිරිදි කාන්තවක්, අගලවත්ත 66 හැවිරිදි පුද්ගලයෙක්, වලහන්දූව 74 හැවිරිදි පුද්ගලයෙක්,පෝද්දල 78 හැවිරිදි පුද්ගලයෙක්,ගලගෙදර 68 හැවිරිදි පුද්ගලයෙක් සහ ගන්නෝරුව 65 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මියගියහ.
COMMENTS
මිනිස්සූ මේ ලෙස මරනයට පත්වීමට , මිනිස් ජීවිත තුටුවක දම වැඩකල පොම්පොරිඇමැති වරුනට නඩු දැමිය යුතුය .
මිනිස්සූ මේ ලෙස මරනයට පත්වීමට , මිනිස් ජීවිත තුටුවක දම වැඩකල පොම්පොරි ගසන ඇමැති වරුනට මනුෂ ගාතන චෝදනා යටතේ නඩු දැමිය යුතුයි
මේ හැමෝම කොරෝනා කියලා කියන්න පුලුවන්ද?
නිවන්සුව ලැබේවා
අද රටේ තත්වය ගැන වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මෙහෙම ප්‍රකාශයක් කර තියෙනවා. "බ්‍රිතාන්‍ය කෝවිඩ් ප්‍රභේදය රටට කාන්දු වුණේ පසුගිය කාලයේ සංචාරක බුබුළු ක්‍රමවේදය යැයි පවසමින් මෙරටට ගෙන්වූ යුක්රේන සහ වෙනත් රටවල සංචාරකයින් හරහා යැයි පැහැදිලිවම කිව හැකි බවත්, එය එසේ නොවන්නේ නම් මෙම ප්‍රභේදය රටට කාන්දු වූ ආකාරය රජය විසින් හෙළි කළ යුතුයි. ඒක හොරෙන් කළේ.... දෙවැනියට වෙළඳ දැන්වීම් දාලා ඉන්දියානුවන්ට කොරන්ටයින් වෙන්න මෙහෙ එන්න කියලා ගෙන්නා ගත්තා. අපි කොච්චර කිව්වත් ඒක සම්බන්ධයෙන් සැලකිලිමත් වුණේ නෑ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඔන්න රටට ඉන්දියානු ප්‍රභේදය ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් සැලකිලිමත් වියයුතු ප්‍රභේද 4යි තියෙන්නේ. ඒ හතරෙන් තුනක් දැන් ලංකාවේ තියෙනවා. නැත්තේ බ්‍රසීල ප්‍රභේදය විතරයි. හෙට අනිද්දාට ඒ ප්‍රභේදය ගෙන්නාගන්නත් පුළුවන් නම් බුබුළක් හදලා වැඩපිළිවෙලක් යොදයි. මොකද අපි කියන එක නෙවෙයි, ඊට විරුද්ධ එක කරන නිසා"
කුමුදේශ් නෙවේ බුදුහාමුදුරුවෝ කීවත් අපේ පාලකයෝ කරන්නේ ඒ අයට හිතෙන දේ. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ 2/3 ත් ඒ ගොල්ලන්ගේ. ඡන්දය දුන්න අපි දුක්වෙවී ඉමු.