IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන් තත්වයක්

(ඩයනා උදයංගනී) 

 දීර්ඝ සති අන්‍තයේ දුම්‍ රියෙන් ගම් බිම් කරායාමට මගීන් විශාල පිරිසක් පැමිණීමෙන් දැඩි තදබදයක් ඇතිවී අද උදෑසන කොටුව දුම්‍ රිය ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය.  

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා උදෑසන 8.30ට ධාවනය වූ උඩරට මැණිකේ දුම් රිය කොටුව දුම් රිය ස්ථානයේදීම මගී ධාරිතාව ඉක්මවා ගිය අතර බොහෝ පිරිසකට එයට ගොඩවීමටද නොහැකි විය. 

එම පිරිස් දුම් රිය ස්ථානාධිපති කාර්‍යාලය අසලට ගොස් යළි ප්‍රවේශපත් ගාස්තු ඉල්ලීම හේතුවෙන් මෙම නොසන්සුන්කාරී තත්වය මතුවිය. 

එම දුම්‍ රියවල ඉඩකඩ නොමැතිනම් තමන්ට ප්‍රවේශපත් නිකුත් කළේ ඇයිදැයි මගීහු දුම් රිය ස්ථානාධිපති කාර්‍යාලය අසලට ගොස් ප්‍රශ්න කළහ. 

එමෙන්ම මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්‍ රියටද බොහෝ දෙනෙකුට ගොඩවීමට නොහැකි විය.



අදහස් (4)

කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන් තත්වයක්

Saman Saturday, 11 June 2022 10:44 AM

තව අවුරුදු 100 ක් ගියත් මේක මෙහෙම තමයි.

:       0       15

Sunil Saturday, 11 June 2022 10:50 AM

මෙහෙම තත්වයකටවත් මුහුණ දෙන්න බැරි කාලකණ්ණි රජයක්...

:       5       11

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 11 June 2022 11:51 AM

පොල් පටවනවා වගේ දුම්රියට සෙනග පටවා මුදල් ගැනීම පමණක් අරමුණු කොට සිටින දුම්රිය බලධාරින් මඟින්ගේ යහපත වෙනුවෙන් කිසිඳු සේවයක් කරන්නේ නැහැ. රජයේ මැති ඇමැතිවරු වී8 වල සුවසේ ගමන් බිමන් යනවා. රටේ මහජනතාවගේ පොදු ප්‍රවාහන පහසුකම් දියුණුවට කටයුතු කරන්නේ නැහැ. මිනිසුන් දුම්රිය තුළ අපාදුක් විඳිනවා. බොහෝ මගීන් ගමනාන්තය දක්වාම යන්නේ හිතාගෙන. ඒ දේවත් හරියට කරගන්න ලැබෙන්නේ නැත්තේ මගීන් එකිනෙකා තෙරපී ගමන් කරන නිසා. මගින් කිටිකිටියේ තෙරපීම නිසා ළමයින් ක්ලාන්ත වීම්ද නිතර දෙවේලේ සිදුවෙයි. ජනතාව මේතරම් දුක් විඳිද්දී, ඇමැතිවරුන් දඟලන්නේ, දුම්රිය ගාස්තු වැඩිකිරීමට පමණි. මගීන්ගේ පහසුකම් ගැන හෝ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට ඔවුන්ට වුවමනාවක් නැත...

:       1       22

samarakoon Sunday, 12 June 2022 09:45 AM

කොටුව දුම්රිය ස්ථාන නිලධාරීන්ට නොසන්සුන් වී දෝෂාරෝපණය කර කිසිඳු ඵලයක් නැත. එම ගැටළුවට දුම්රිය බලධාරීන් වගකිව යුතුයි. මෙවැනි වකවානුවක දුම්රිය ගමන් වාර වැඩිකිරීමත්, දුම්රිය එන්ජිමකට උපරිම මැදිරි සංඛ්‍යාවක් යෙදීමක් බලධාරීන් විසින් සිදු කිරීමට වගබලා ගන්නවා නම් මෙවැනි අවස්ථාවන් මගහැරී යනු ඇත...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site