IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


කෙහෙළියගේ විජේරාමේ ගෙදර මහාධිකරණයකට

(අංජුල මහික වීරරත්න)

නව අධිකරණ ස්ථාපිත කිරීම සඳහා ඉඩ පහසුකම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) ප්‍රකාරව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහාධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, කඩිනමින් නව මහාධිකරණ 4ක් ස්ථාපිත කිරීම සඳහා දැනට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින පහත සඳහන් ලිපිනයන්හි පිහිටි ගොඩනැගිලි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත භාර දීම පිණිස සිය අමාත්‍යාංශය විසින් පියවර ගනු ලබන බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා  විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.

*අංක B 88, ග්‍රෙගරි පාර, කොළඹ 07.

*අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.

*අංක B 108, විජේරාම පාර, කොළඹ 07.

*අංක B 12, ස්ටැන්මෝර් චන්ද්‍ර වංකය, කොළඹ 07.

මෙලෙස මහාධිකරණයක් සඳහා යෝජිත වී ඇති කොළඹ 07 විජේරාම පාරේ නිවස හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිහරණය කළ නිවස බව රජයේ ආරංචි මාර්ග පවසයි.



අදහස් (1)

කෙහෙළියගේ විජේරාමේ ගෙදර මහාධිකරණයකට

අරවින්ද මොණරවිල Tuesday, 28 October 2025 04:40 PM

පහුගිය කාලයේ සමහරෙක්ට හිතේ අමාරුවකට වැඩිය වෙන අමාරුවක් තිබූණා ඔය ගෙවල් ගැන. දැන් තේරෙනවාද ඔය ගෙවල් වෙන් කරලා තිබූණේ ආණ්ඩුව සැළසුමක් ඇතුව කියලා, දැන් නඩු ඉක්මනින් හා දඩුවම්ද ඉක්මනින් දෙයි හොදේ.......

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1589 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1380 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site