
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලබන වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
රජයේ ආදායම ඉහළ දැමීම සඳහා මෙවැනි බද්දක් හඳුන්වා දීම ඉතා වැදගත් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.මෙම බදු ක්‍රමය 2026 වසර වනවිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ඉලක්ක කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් යනු නිවසක හිමිකරුවෙකු සිය නිවස කුලියට ලබාදුන්නේ නම් ඔහුට හෝ ඇයට ලබාගත හැකි ආදායම ඇස්තමේන්තු කර ඒ සඳහා බදු මුදලක් අය කිරීම වේ.මෙම බද්ද නිවසේ වටිනාකම මත නොව ඉන් ලැබිය හැකි අදායම මත පදනම් වේ.
මීට පෙර 2025 වසරේදී දේපළ බද්දක් හඳුන්වා දීමට රජය සූදානම්ව සිටියත් එයට පවතින බාධා හේතුවෙන් මෙම බදු ක්‍රමය හඳුන්වා දීමට මෙරට රජය තීරණය කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය. පදිංචිවී සිටින සහ නොසිටින නිවාස සඳහා මෙම බදු ක්‍රමය හඳුන්වාදීම දේපළ බද්දට සුදුසු ආදේශකයක් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.
මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය සභා මට්ටමින් දත්ත ගබඩාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බවත් එම දත්ත ගබඩාවට මෙරට දේපළහිමියන් සතුව ඇති දේපළ සම්බන්ධයෙන් යාවත්කාලීන කළ ඇස්තමේන්තුවක් ඇතුළත් විය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
එම දත්ත ගබඩාව නිර්මාණය කිරීම මෙම වසරේ අගෝස්තු මස වන විට අවසන් විය යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.
COMMENTS
දැන් වරිපනම් බදු කියලා ලොකු මුදලක් ගෙව්වානේ. මුන්ට හෙන ගහන්න එපැයි... රටේ කර්මාන්ත වැනි ආර්ථික සංවර්ධන ක්‍රියාත්මක නොකර මේ කරන විකාර
රස්සාවත් නැතිවෙලා දැන් ගේ කුලියට දීලා ලැබෙන සොච්චමින් තමයි ජීවත් වෙන්නේ ඒකටත් කෙලින්නද හදන්නේ? හොරකම් කරලා මූල්‍ය අරමුදලේ පදයට නටන්න වෙන තරමට මේ රට බංකොලොත් කල උන්ට ශාප වේවා!
රජයේ ආදායම් වලින් 78% ක් වෙන් කරන්නේ රනිල් ගත්ත, මහින්ද ගත්ත ණය ගෙවන්න නේද? රටේ මිනිස්සු අමතර ආදායමක් හොයාගන්න පුළුවන් හැමතැනටම බදු ගහලා ජීවත් වෙනඑක අමාරුම කරන එක තමයි පිනා ආපූ දවසේ ඉඳන් කරන්නේ...
අපිට බදු විතරද......අඩු ගානේ විගණකාධිපති තුමා පෙන්නලා තියෙන හොරකම් වංචා වත් අල්ලා ගන්න උනන්දුවක් නැද්ද. එතුමා එක උත්සවේක කිව්වා ජනතා වාදී රජයකින් පමණයි මේ සියල්ල අය කරගන්න පුළුවන් කියලා.....
අන්න බලන්න .රට ගොඩගත් අසහාය නායකයා රනිල් නෙමේද කියලා?
එතකොට මහාපරිමාණයෙන් ආදායම් උපයන (උදාහරණයක් හැටියට කලකට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ගත් බොරැල්ලේ ගොඩනැගිල්ල) විශේෂයෙන් නගරාශ්‍රිතව ගොඩනැගිලි විවිධ ව්‍යාපාර සඳහා කුලියට ලබාදීම සිදුකරන නිසා (මේවායේ බදුමුදල් අඩුවෙන් දක්වනවා.. ඒත් මාසිකව ලක්ෂ ගණනක් උපයනවා) ඒවායින් බදු මුදලක් ගන්නේ නැද්ද? ඒවා ගැනත් අවධානය යොමුකරන්න..
දැනටමත් පීඩාවට පත්ව සිටින මහජනතාව තවත් පීඩාවට ලක් නොකර, මෙරට ආදායම වර්ධනය කිරීමට ගත යුතු පියවර 3ක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි. එනම්, පාර්ලිමේන්තුවේ වියදම් ඇතුළු රජයේ වියදම් අවම වශෙයන් 50%කින් අඩු කිරීම, රජෙය් සේවකයින්ට වැඩ වර්ජනවල නිරතවීම තහනම් කිරීම සහ රජයේ ආයතනවල සිදුවන මූල්‍ය අක්‍රමිකතා සඳහා අදාළ නිලධාරින්ගෙන් එම මුදල් අයකර ගැනීමයි. රජයේ සේවකයින්ගේ ගැටළු සඳහා විසඳුම් ලබාගැනීමට ඒ-ඒ ආයතනවල පරිපාලන ව්‍යුහය ඒ සඳහා ක්‍රමවේදයක් ස්ථාපනය කළ හැක. එමගින් එම ආයතනවලින් මහජනතාවටත්, රටටත් ඉටුවිය යුතු සේවය අඛණ්ඩව සිදුකරන අතරේම සේවකයින්ට ගෟරවනීයව තම සේවා ප්‍රශ්න විසඳා ගත හැක.
ඔහොම යන් අපිට තව බදු තිබෙනවාද බලන්න. අමතක වුණු ඔය සියළුම බදු එකවර අපිට පටවන්න අපිට හරිම සතුටුයි.
කුම්බලා මාළු කෑවානම්, දුක විඳපං බළලෝ...
ලන්දේසි කාලේ තිබ්බාලු නේද ඇඟ බද්ද කියලා එකක්. අන්න ඒකත් පුළුවන් නම් ක්‍රියාත්මක කරයි... හොරුන් හිටියා නම් ඉතින් අපෙන්ම තමයි හූරලා ගන්නේ. නැතිනම් ඔවුන්ට හොරකම් කරන්න බැහැනේ...
දැන් ඉතින් අරගලකාරයොන්ට රෙද්දක් ඇඳන් පාරට බහින්න බැහැනෙ.මොකද හිටපු ජනාධිපති බදු අඩු කරලා රජයේ ආදායම් නැතිකරා කියලා මැරෙන්න ගියානෙ.
මාර කතාවක්නේ මේ කියන්නේ.IMF එක හිතනවා ඇති අපිට මේ ඉඩම් දීලා ගෙවල් හදලා දීලා තියෙන්නේ ඒගොල්ලෝයි කියලා. අපි මේ දුක් මහන්සිවෙලා නොකා නොබී හරි හම්බ කරලා ගෙවල් දොරවල් හදා ගත්තා මිසක් මේ දේසපාලුවෝ රංචුව වගේ රට කාලා විනාශ කරලා දුෂිත ක්‍රියා වලින් හම්බ කරපු සල්ලි වලින් නෙමෙයි මෙහෙම ගෙවල් දොරවල් හදා ගත්තේ. එකෙන් ලැබෙන ආදායමෙන් ඉස්සරහට යන්තම් හරි කාල බිලා ජිවත් වෙන්න. අපි දන්නවා ආණ්ඩුව මේ දවස්වල මේ ගැන සද්ද නොකර ඉන්නේ ඇයි කියලා. මොන ක්‍රමේකින් හරි ඊළඟ ඡන්දෙ දිනා ගත්තොත් අපිට දෙන්න හිතන් ඉන්නවා ඇති ලබන අවුරුද්දේ ඉඳන් මදි නොකියන්න බැටේ. කවදාවත් දෙසපාලුවන්ගෙන් මේ බදු ගන්නේ නැහැ සාමාන්‍ය ජනතාවට තමයි මේ ඔක්කොම බදු බර වැටෙන්නේ. ඊට පස්සේ අපිට වෙන්නේ දේසපාලුවෝ දෙසාබාන වැදි බන අහගෙන නිකම් මෝඩයෝ වගේ කට පියාගෙන ඉන්න. ඊළඟ චන්දෙදි කල්පනාවෙන් වැඩ නොකලොත් අපි හරිම අමාරුවක වැටෙන්නේ කියලා කිව්වයි කියලා මතක තියා ගන්න.
මම කුලියට ඉන්නේ
20% 25% පොලියට බැංකු ණය අරන් ගෙවල් හදලා කුලියට දිලා කියක් හරි හම්බ කරලා ඉවරයි වගේ
අයිඑම්එෆ් එක හිතාගෙන ඉන්නෙ ඒ රටවල වගේ (ඇමරිකාව) ගෙවල් කුලියට දෙන සියග්ලෝම මහා ධනකුවේරයො තියල.සමහරුලැබෙන ගෙවල් කුලියෙන් ජීවිතය ගැටගසාගන්නෙත් අමාරුවෙන්.එහෙනම් මෙවුන් ඒකටත් වැඩක් දෙන්නයි මේ හදන්නේ.
පීඩිතව ජීවත් වන මෙරට මහජනතාව තවත් පීඩාවට ලක් නොකර, රාජ්‍ය ආදායම වර්ධනය කිරීමට ගත යුතු පියවර 3ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානයට යොමු විය යුතුයි. 1.පාර්ලිමේන්තුවේ වියදම් ඇතුළු රජයේ වියදම් අවම වශෙයන් 50%කින් අඩු කිරීම. 2.රජයේ ආයතනවල සිදු වී ඇති මූල්‍ය අක්‍රමිකතා සඳහා අදාළ නිලධාරීන්ගෙන් එම මුදල් අය කරගැනීම. 3.රජයේ සේවකයින්ට වැඩ වර්ජනවල නිරතවීම තහනම් කිරීම. රජයේ සේවකයන්ගේ ගැටළු සඳහා විසඳුම් ලබාගැනීමට ඒ-ඒ ආයතනවල පරිපාළන ව්‍යුහය ඒ සඳහා ක්‍රමවේදයක් ස්ථාපනය කළ හැක. එමගින් එම ආයතනවලින් මහජනතාවටත්, රටේ ආර්ථිකයටත් ඉටුවිය යුතු සේවය අඛණ්ඩව කරන අතරම සේවකයන්ටද ගෟරවනීයව තම සේවා ප්‍රශ්න විසඳා ගත හැකිය...
ඔක්කොම අපෙන් තමයි ගන්න බලන්නේ කෝ දැන් කට්ටිය එකතු වෙයි රට ගැන හිතලා රනිල් ට විතරයි මේක කරන්න පුළුවන් කියලා රනිල් රටේ සම්පත් ටික කාබාසිනියා කරලා තමයි යන්නේ
අද මට ආරංචි වුනා එක ගෙවල් හිමියෙක් එයාගේ ගෙදරක කුලියට ඉන්න අයට කිසිම හේතුවක් නැතිව තව මාස 2 ක් තුල නිවසෙන් යන්න කියලා. මම හිතන්නේ මේ නිතිය නිසාද දන්නේ නැහැ. එහෙම වුනොත් කිසිම කෙනෙක් ගෙවල් කුලියට දෙන්නේ නැතිවෙයි. එහෙම වුනාම ප්‍රශ්න රැසක් මතුවෙයි. ඔය IMF කාරයින්ගේ ලනු කාපු ග්‍රීසිය ,ආර්ජන්ටිනාව වගේ රටවල් නැත්තටම නැතිවුනා.
මගෙිග් ගේ කුලියට අරන් ඉන්නේ එවුන් කුලි ගෙවන්නේ නැ උන්ව දොට්ට දාන්න නඩු කියනවා. මම ආදායම් බදුත් ගෙවනවා මරු ආණ්ඩුව
ඔබ ජීවත් වෙන්නේ ඔබේම නිවසක උනත් එය කුලී නිවසක් සේ සලකා ඇස්තමේන්තු කළ කුලියකට බද්දක් අය කරන්නයි මේ ලෑස්ති
රනිල් ආර්ථිකය ගොඩ දැම්මා නෙමෙයි. රාජපක්ෂලා හොරාකාලා ගත්ත ණය හිගමනට වැටිලා ඉන්න මිනිස්සුන්ගෙන් අය කරගෙන අයිඑම්එෆ් එකට ලබා දුන්නා කිව්වානම් තමයි හරි.
කරන්න දෙයක් නැහැ , පිනා හිතු හිතු හැටියට ණය අරන් IMF එකට රට බාරදීලා තියෙන්නේ , මෙච්චර ණය අරබුදයක් තියෙන වෙලාවක මේ අවුරුද්දේ පමණක් දැනට ඩොලර් බිලියන 4,01 ක් ණය අරන් , දැන් ඉතින් හැමෝම IMF පදේට නටන රුකඩ වෙලා
මේක ගෙනල්ල තියෙන්න කලින් ගෙනෙන්න හිටපු දේපල බද්ද වෙනුවට ලු , එක ගෙනාවොත් රනිල් ලගේ පැලැන්තියේ උදවියට ලොකු බද්දක් ගෙවන්න වෙන හින්ද
රට බංකොලොත් කළේ මේ රටේ ජනතාව නෙමෙයි.ඒ දේශපාළු හොර දෙටුවන් අසීමිතව පොහොසත් වූ සැටි සොයා බලා ඔවුන් අනීතිකව රැස්කළ ධනය හා දේපළ (පැන්ඩෝරා ඇතුළු) යළි ලබාගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට I M F එකට හැකිවූයේ නම්,එය මේ රටේ ජනතාවට කෙතරම් සහනයක් ද ?