IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කුලියට ගමන් යන මුවාවෙන් වාහන ඉස්සූ යුවළක් දැලේ

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කුලි පදනමට රැගෙන ආ වෑගන් ආර් මෝටර් රථයක රියදුරුට බරපතල තුවාල සිදුකර වාහන පැහැර ගැනිම ඇතුළු චෝදනා රැසකට සම්බන්ධ සැකකාර යුවළක් පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයෙ නිළධාරීන් විසින් දඹදෙනිය ප්‍රදේශයෙදී  ඊයේ (16) අත් අඩංගුවට ගත් බව  කියයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පල්ලම ආඩිගම හා දඹදෙනිය ප්‍රදේශ වල  පදිංචිව  අවුරු 21 හා 24 වියෙ පසුවන දිවයිනේ විවිධ ප්‍රදේශ වල වාහන කොල්ල කෑමට සම්බන්ධ තදින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වු තරුණ යුවලක් බව කියයි.

මෙම සැකකාර යුවල අවසන් වරට පසුගිය 9 දින වෙන්නප්පුව තෝප්පුවේ සිට ආඩිගම වෙත ගමන් කිරීම සදහා කුලියට වාහන ලබා දෙන ආයතනයක් සම්බන්ධ කරගනිමින් වැගන් ආර් රථයක් කුලි පදනමට රැගෙන විත් ඇත.

අනතුරුව  ආඩිගම පාළු ප්‍රදේශයකදි මෙම සැකකාර යුවල රියදුරුට තියුණු ආයුධ වලින් පහර දි වාහනයෙන් ඇද දමා වාහනය පැහැර ගැනිම සම්බන්ධව දිගින් දිගටම කල විමර්ශන වලින් පසු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයෙ නිළධාරීන් විසින් මෙම සැකකාර යුවල දඹදෙනිය ප්‍රදේශයෙදී අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුනී.

මෙම සැකකාර යුවල අවුරුදු දෙකකට ආසන්න කාලයක් එකට දිවි ගෙවන බවත් ඔවුන් විවාහ වි නොමැති බවත් මත්ද්‍රව්‍ය සදහා මුදල් සොයා ගැනිම සදහා එකට දිවි ගෙවමින් මෙවැනි අපරාධ සිදුකර ඇති  බව අනාවර්ණය වි තිබේ.

 

 



අදහස් (0)

කුලියට ගමන් යන මුවාවෙන් වාහන ඉස්සූ යුවළක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 355 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site