IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


කුලසිරි බුදවත්තයන් දිවි සැරිය නිමා කරයි

(ඩයනා උදයංගනී)

මෙරට ප්‍රවීණ නර්තන ශිල්පියකු මෙන්ම නර්තනාචාර්යවරයකු වූ කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත විය.

කලක් අසනීප වී සිටි බුදවත්ත මහතා මියයන විට 71 වන වියේ පසුවිය.

උඩර‍ට, පහතරට නර්තන නර්තන සම්ප්‍රදායන් දෙකෙහිම විශේෂඥ දැනුමක් ලබා සිටි කුලසිරි බුදවත්තයන් මෙරට නර්තන කලාවේ ප්‍රගමනයට සුවිසල් මෙහෙවරක් ඉටුකළ අයෙකි.

ඔහු 'බුදවත්ත රංගායතනය' නමින් රංගායතනයක් ද පවත්වාගෙන ගිය අතර නර්තන ‍ක්ෂේත්‍රයට ‍තවත් ශිල්පීන් රැසක් බිහිකළ ගුරුවරයෙක් ද විය. ඔහුගේ බිරිඳ වන නේමාලි බුදවත්ත මහත්මිය ද නර්තන ආචාර්යවරියකි.

කුලසිරි බුදවත්ත මහතා එක් පුතෙකුගේ පියකු වන අතර රංගන රන්සිලු බුදවත්ත නම් ඔහුද නර්තනයේ මෙන්ම බෙරවාදනයේ දස්කම් දක්වන්නෙකි.

හෙළ සිනමාවේ නිළි රැජිණ මාලිනී ‍ෆොන්සේකා මහත්මිය ද කුලසිරි බුදවත්ත මහතාගෙන් නර්තනය හදාරා ඇති අතර ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ, නර්තනාචාරිනී උප‍‍ේකා ගංගොඩවිල, රංගන ශිල්ප ශිල්පිනියන් වන ජගත් චමිල, සුරාජ් මාපා, මංජුලා කුමාරි, බුදවත්තයන්ගේ ශිෂ්‍ය පරම්පරාව නියෝජනය කරති.

 



අදහස් (8)

කුලසිරි බුදවත්තයන් දිවි සැරිය නිමා කරයි

පිටරැටියා Wednesday, 23 June 2021 04:41 PM

ලංකාවේ හිටපු ඉතාම දක්ෂ නර්ථන ශිල්පියෙක්... ඔබට අමාමහ නිවන්සුව ලැබේවා !

:       9       102

ජගත් ලියනගේ Wednesday, 23 June 2021 05:44 PM

ඔහු ඉතාමත්ම දක්ෂ නර්තන ශිල්පියෙක් වගේම දක්ෂ ආචාර්යවරයෙක්... නැටුම් කලාවෙන් සිසු සිසුවියන් විශාල සංඛ්‍යාවක් යහමඟට යොමුකළ ගුරුවරයෙක්... එතුමාට උතුම් වූ නිවන්සුව අත්වේවා..!

:       1       54

මුණසිංහ Wednesday, 23 June 2021 05:52 PM

සුපිරිම අග්‍රගන්‍ය ශිල්පියෙකු අහිමි වී ඇත. ඔබගේ නාමය සදාකාලිකයි. ඔබට නිවන් සුව..!

:       0       38

gama Wednesday, 23 June 2021 06:33 PM

මට මතක විදියට 1974 හෝ 75 කාලයේ... අපි එතකොට 6 හෝ 7 පන්ති වල ළමයි. අපි නැටුම් විෂය ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල යෙදුනේ පාසලේ නේවාසිකාගාර ගොඩනැගිල්ලක... එදා අපේ පන්තියට ආවේ අලුත් ගුරුවරයෙක්... ඔහු කඩවසම් ප්‍රසන්න සිනාවකින් මුහුණ පුරවාගත් තරුණයෙක්. මට හිතෙන්නේ එදා තමයි ඔහුගේ ගුරු ජීවිතයේ පළමු දිනය... මට මතකයි ඔහු අපිට පිටරටවලදී කරපු සංදර්ශන වල පින්තූර ගෙනත් පෙන්නුවා. මම ඒ තරම් දක්ෂතාවක් දැක්වූයේ නැතත් ඔහුට අපට ඉගැන්වීමට ලොකු ආසාවක් තිබුණා කියලයි මට හිතෙන්නේ. මට මතකයි අපව අවුරුදු උත්සවයක මුද්‍රා නාට්‍යයක් කරන්න එක්ක ගියා. පාසලේ තිබුණු සංදර්ශනයකදී පන්දම්පාලිය නටපු විදිය හරිම අපූරුයි. මට මතකයි ඔහු නැටුමේ විහිළු ක්‍රියාකාරකම් තුලින් තරුණ ගුරුවරියන්ට විහිළු කරපු හැටි. කවුරුත් එදා එතුමාගේ දක්ෂතාව ගැන කතා වුණා. එතුමාගේ පියාගේ කලායතනයක් තිබුණා පොල්අතු සෙවිලි කළ... මට මතකයි එහිත් මම ටික කලක් නැටුම් හැදෑරුවා. පස්සේ කාලෙක මට දැනගන්න ලැබුණා ඔහු විශාල කණ්ඩායම් සංදර්ශන සංවිධානය කරනවා කියලා... ඔය විදියට මුළු රටේම ප්‍රසිද්ධ නැටුම් ගුරුවරයෙක් වුණා.

:       0       23

gama Wednesday, 23 June 2021 06:33 PM

ගුරුතුමනි, මට හරිම ආඩම්බරයි ඔබ ගැන. ඔබට නිවන් සුව...!

:       0       20

Thilak Wednesday, 23 June 2021 07:00 PM

ඔබට අමාමහ නිවන්සුව ලැබේවා..!!!

:       0       24

chandima Wednesday, 23 June 2021 07:19 PM

ඔහුගේ සිසු සිසුවියන් නර්තනවලට යොදා ගත්තේ ඉතා විනීත සංවර ලෙස ඇඳුමින් යුක්තවයි.

:       0       24

Mandoini de s8lva Wednesday, 23 June 2021 07:43 PM

අපමණ මෙහෙවරක් කළ ගුරු පියාණෙනි, ඔබට නිවන් සුව..!!!

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 237 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 414 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 732 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site