IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


කුණු කෑම විකිණු කඩ 9කට නඩු

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් නවගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශයේ  සිදුකළ හදිසි ආහාර වැටලීමකදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර වෙළඳ සැල් නවයකට නඩු පවරා නිවේදන නිකුත් කළ  බව  කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

නවගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ජී.එස් රන්දිම මහතාගේ මෙහෙයවීමෙන් හෝටල් බේකරි ආපන ශාලා සුපිරි වෙළද සැල් දහකි තුනක් පරීක්ෂා කිරීමේදී ඉන් ස්ථාන නවයකට මෙසේ කඩුවෙල අධිකරණයේ නඩු පැවරූ බව පැවසේ.

එහිදී මාළු වෙළද සැලක නරක් වූ මාළු ශීතකරණයක තබා තිබියදී මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට හමු වූ අතර ඒ ඒ පිළිබඳ විමසීමේදී වෙළඳ සැල් හිමිකරු ඒවා නරක් වූ ඒවා බැවින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැලට ආපසු යවන ඒවා බව පවසා පසුව ඒවා නරක් වී නොමැති බවත් නරක් වූ මාලූ ආහාරයට ගන්නේම නැද්දැයි ආදී වශයෙන් විමසීමත් සමඟ මහජන පරීක්ෂක නිලධාරීන් සිය ආහාර පනතේ බලය භාවිතා කරමින් එම මාලු කිලෝ 20 විනාශ කිරීමට පියවර ගත් බව පැවසේ.

ඊට අමතරව සුපිරි වෙලද සැලක රතු සීනි මළකඩ සහිත පෙට්ටියක බහා තිබීමත් ශීතකරණයක නිසි උෂ්ණත්වය නොමැතිවීමෙන් අයිස් ක්‍රීම් අයිස් කප් හා අයිස් කෝන් ගබඩා කර තිබීමෙන් ඒවා දියවී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයෙන් පැවතීම නිසා අයිස් ක්‍රීම් බදුන් 122 සමග ශීතකරණයට මුද්‍රා තබා අධිකරණය නඩු පැවරූ බව කියයි.

 



අදහස් (3)

කුණු කෑම විකිණු කඩ 9කට නඩු

shan Wednesday, 29 October 2025 12:03 PM

මේක හොද වැඩක්... හැම හෝටලයකම චෙක් කරන්න ඕනේ... මොකද පරණ කෑම දෙන්නේ...?

:       0       6

ඇන්ඩෘ සෙබඩවිල Wednesday, 29 October 2025 12:35 PM

මෙවැනි පුවත් මීට පෙර අප දුටුවේ නෑ නේද? දැන් පී.එච්.අයි. මහත්තුරුත් හොඳටම වැඩ. රටම නිවැරැදි දිසාවට ගමන් කරන නිසා කවුරුත් තම තමන්ගේ වගකීම් නිසි පරිදි ඉටු කරනවා. අපේ අනුර සහෝදරයා නිසා තමයි මේ ඔක්කෝම... ජනතාවනි, ජෙප්පන් වගේ සිතන්න පුරුදුවන්න...

:       0       7

දයාන් කන්නන්ගර Wednesday, 29 October 2025 04:26 PM

කරුණාකර හැකි ඉක්මණින් රහසිගතව මීගමුව නගරයේ ආපන ශාලා එක්වරම පරීක්ෂාවට ලක්කරන්න. ඉතාම ප්‍රාථමික මට්ටමින් පවත්වාගෙන යන හෝටල් රාශියක් නගරයේ තිබෙන අතර දිගු කලකින් පරීක්ෂාවට ලක්වී නැත.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1653 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1401 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site