(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිඳු මල් සිත ගුණරත්න නොහොත් පානදුර කුඩු සළිඳු නමැත්තාගේ ප්‍රධානතම ගෝලයා වන ඩුබායි අසිත නමැත්තා  මත්ද්‍රව්‍ය ජාලයෙන් ඉපයූ බව කියන මුදලින් මිලදී ගත් රුපියල් කෝටි හතරකට අධික දේපල තහනමට ලක් කළ බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීති, විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

එම දේපළ අතර පර්චස් 05 ක අධික භූමියක පිහිටි දෙමහල් නිවසක් , පර්චස් 10 ක භූමියක ඉදිකරමින් පවතින නිවසක් , හා පර්චස් 10 ක ඉඩමක්, රත්තරන් ගෑම් 106 ක් පමණ බර රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂ10 කට ආසන්න මුදල් වන බව පොලිසිය කියයි.

රථවාහන හා අපරාධ කොට්ඨාශ භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු යන මහත්වරුන්ගෙන් උපදෙස් පරිදි , මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ගේ සහ එහි පාලන හා විමර්ශන භාර සහකාර පොලිස් අධිකාරී බී. එම්. ටී. බස්නායක උපදෙස් නීති විරෝධි වත්කම් විමර්ශන අංශයේ නිළධාරින් විසින් මෙසේ දේපල තහනම් කරනු ලැබීය.