IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කුඩා සිතුල්පවුවේ නිධන් හෑරු හතක් රිමාන්ඩ්

(දිලීප් ජයසේකර)

ඓතිහාසික කුඩා සිතුල් පවුව විහාර භූමියේ පිහිටි පෞරාණික දාගැබක ගර්භය බිද නිධන් වස්තු සෙවීමේ චෝදනාවට අත්අඩංගුවට පත් යෝධකණ්ඩියේ පදිංචි සොත්ති රණා ඇතුළු සැකකරුවන් 07 දෙනා මෙම හත් වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කාංචනමාලී ගුණසේකර මහත්මිය නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ තිස්සමහාරාම අවට පදිංචි කරුවන් අලුත් පටබැදිගේ තුෂාන් ජයලත් නොහොත් සොත්ති රණා, රුමේෂ් අනුරාධ, ඒ.එල්.උවිදු ලක්ෂාන්, එස්.එන්.ප්‍රියන්ත, එස්.ඒ.ජයමිණී මංජුල, ඒ.පී.නිමල් ගාමිණී හා ඒ.කේ.ඒ.අමිල නැමති සැකකරුවන් හත් දෙනාය.

සැකකරුවන් ඉකුත් 31 වන දින රාත්‍රි යන්ත්‍ර සුත්‍ර යොදා ගනිමින් ඉතා සූක්ෂම ලෙස කුඩා සිතුල් පවුවේ පිහිටි පුරාණ දාගැබක ගර්භය බිද නිධන් වස්තු සොයමින් සිටියදී පුදබිමේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා නිළධාරියකු විසින් සැකකරුවකු අල්ලාගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුල ප්‍රශ්ණ කිරීමේදී ලබාගත් තොරුතුරු ඔස්සේ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ෂණ ආරම්භ කෙරුණු අතර එහිදී තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධියට යොදාගත් ජිෆ් රථය සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් වි තිබේ.

පසුව සැකකරුවන් කිරින්ද පොලිස් ස්ථානයට රැගෙන විත් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

 



අදහස් (6)

කුඩා සිතුල්පවුවේ නිධන් හෑරු හතක් රිමාන්ඩ්

Don perera Saturday, 04 September 2021 12:55 AM

ඕක ඩ්‍රිල් කරනකන් කොහෙද කට්ටිය හිටියේ.

:       14       26

Prabha Saturday, 04 September 2021 12:59 AM

ඔන්න නම් ගම් පින්තූර ඔක්කොම දාලා. සීනි හොරුන්ගෙත් ඔය විදියට දැම්මානම් තමා හොඳ.

:       1       60

ranjith Saturday, 04 September 2021 05:54 AM

දැන්වත් මේ හොරකමට තිත තිබ්බොත් හොඳයි නේද.?

:       0       35

mahee Saturday, 04 September 2021 08:55 AM

මේ අහවලාගෙ ඩ්‍රයිවර් නේද, අල්ලන්න කලින් ගියෙ වෙන කතාවක්.

:       7       11

lelwala Saturday, 04 September 2021 09:35 AM

රජයෙන් උපරිම දඬුවම් දිය යුතුයි.

:       0       23

kamal Saturday, 04 September 2021 11:01 AM

හැමදේටම කතා කරන සජිත් මේකට මොනවා කියයිද

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site