IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කිවුල ආසාදිත කාන්තාව ඇසුරු කළ 17 ක් වෛද්‍ය පරීක්ෂණයට හලාවතට

හිරාන් ප්‍රියංකර ජයසිංහ

ආණමඩුව කිවුල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාව ඇසුරු කල 17 දෙනෙකු වෛද්‍ය පරික්ෂණ සදහා හලාවත මහ රෝහලට 16 දින යොමු කල බව ආණමඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් චන්දන අබේරත්න මහතා පවසයි.

මෙසේ ‍වෛද්‍ය පරික්ෂණයට‍ සදහා යොමු කරනු ලැබුවේ කිවුල අංක 4 ගම්මානයෙන් මාර්තු 5 දින රාත්‍රියේ කොරෝනා ආසාදිත කාන්තාවක් වෛද්‍ය පරික්ෂණ වලින් සනාථ විමෙන් ‍‍ පසුව නිවෙස් 4 ක නිරෝධායනයට ලක් කර සිටි පිරිස් බව කියයි.

එම කාන්තාව කොරෝනා ආසාදිත හේතුවෙන් අංගොඩ බෝවවන රෝගායතනයට ප්‍රථිකාර සදහා යොමු කර තිබුනී.

ඒ සමගම මෙම කාන්තාවගේ නිවසේ 11 දෙනෙකු ද අවස්ථා දෙකකදී ‍වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර තිබු නමුත් මොවුන් ආසාදිත නොවන බවට වෛද්‍ය පරික්ෂණ වලින් සනාථ වි තිබුනද ‍‍‍මොවුන් තවමත් නිවෙස් තුලම නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කල පිරිස් ගිලන් රථ 4කින් රැගෙන යාමද සිදුවිනි.
 



අදහස් (0)

කිවුල ආසාදිත කාන්තාව ඇසුරු කළ 17 ක් වෛද්‍ය පරීක්ෂණයට හලාවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 75 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site