(සුරංග රාජනායක)
විවාහයෙන් පසු දෙවැනි ගමන නිමා කොට නිවසට පැමිණි මනමාලයා මිතුරකු සමග බියර් එකක් පානය කලයි උරනවූ මනමාලිය මනමාලයාට පහර දී කන සපා කෑල්ලක් කඩා විවාහය නිමා කළ සිද්ධියක් ගම්පොලින් වාර්තා වේ.
මනමාලයාට පහරදුන් මනමාලිය මනාලයාගේ සිරුරද සූරා තුවාළ කොට මනමාලයාගේ නැගණියට ද පහර දී, නැන්ද මාමාට බැණ වැදී පැලද සිටි මංගල මුදුව මනමාලයාට ගලවා දී ඇතැයි ද එම වාර්තා සඳහන් කරයි.
මෙම මනමාලයා හා මනමාලිය වසර හතක් ආදරය කොට විවාහ වූ යුවළක් බව ගම්පොල පොලිසිය පවසයි.
මනමාලිය ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ඇය පුද්ගලික මුල්‍ය ආයතනයක ද සේවය කොට ඇති අතර මනමාලයා ගලත ප්‍රදේශයේය. ඔහුද පුද්ගලික ආයතනයක රැකියාවක් කරන්නෙකි.
දෙදෙනාගේ විවාහය මීට දින පහකට පෙර සිදුකර ඇත්තේ විශාල මුදලක් වැය කරමිනි ඡායාරූප ශිල්පියාට පමණක් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලකි.
දෙදෙනාම හනිමුන් ගොස් දින හතරක් පමණ ගත කොට යලි ගලත පිහිටි මනමාලයාගේ නිවසට පැමිණ තිබේ. එහිදී මනමාලයාගේ මිතුරකු හමුවී ඇති මනමාලයා දෙදෙනාම බියර් එකක් පානය කොට තිබේ.
මේ හේතුව නිසා මනමාලයාට නිවස තුළට පැමිණීමට පැය භාගයක ්‍රමාදයක් සිදුව තිබේ.
මින් දැඩි ලෙස කෝපයට පත්ව ඇති මනමාලිය නිවසට පැමිණ ඇති මනමාලයාට බැන වැදී පහර දී මට පටන් ගෙන තිබේ පසුව ලේ පෙරෙන තුරු කන සපා කා ඇති ඇය ඔහුගේ ශරීරයද නියපොතුවලින් සුරා තිබේ.
කලබලය නැවතීමට මැදිහත් වූ මනමාලයාගේ මවට හා පියාට බැණ වැදී ඇති මනමාලිය මනමාලයාගේ මව ද තල්ලු කර දමා තිබේ අනතුරුව මනමාලයාගේ නැගනියට ද පහර දී ඇති ඇය සිය නිවසට දුරකථන ඇමතුමක් දී තමා රැගෙන යාමට පැමිණෙන ලෙස දන්වා තිබේ .
ඒ අනුව මනමාලියගේ පාර්ශවයේ විශාල පිරිසක් ත්‍රිරෝද රථවලින් මනමාලයාගේ නිවසට පැමිණීමත් සමග සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කැන්දන් ආ දිනයේම මනාලිය මනාලයාගේ කන කාලා
චන්දන Thursday, 26 January 2023 04:05 PM
අවුරුදු 7ක් ආශ්‍රය කළේලු. මොනව ද දන්නෙ නැහැ ඒ කාලෙ කරපුව .
මලිත් Thursday, 26 January 2023 07:22 PM
ඇති යන්තන් කන විතරක් කාලා බේරුණා... වෙන මොනවත් කඩාගන්නේ නැතුව...
ගජමිතුරු Friday, 27 January 2023 05:19 AM
වෙන මොනවත් ගැන හිතහිතා තමයි ඉන්න ඇත්තේ.. ප්‍රමාද වුණාම ඉවසුමක් නැතිවෙලා ක්ෂණික කෝපයට පත්වෙලා කියලා හිතෙනවා...
jayasekara Friday, 27 January 2023 09:48 AM
මයික් ටයිසන්ගේ නංගිද කොහේද බැඳගෙන තියෙන්නේ...!
Deepal Nanayakkara Friday, 27 January 2023 01:10 PM
පළමු වැරැද්ද මනමාලියගේ දෙමව්පියන්ගේ. (දරුවකුට ඉවසීම මෙන්ම, අපේක්ෂා කරන සියල්ල එලෙසම සිදු නොවන බව කුඩා කල සිටම තේරුම් කරදිය යුතුයි) දෙවැන්න අදාළ තරුණයා සහ තරුණිය අවුරුදු හතක් ආශ්‍රය කළා නම් දෙදෙනා ගැන අන්‍යෝන්‍ය අවබෝධයක් තිබිය යුතුයි... විශේෂයෙන්ම ආදර සම්බන්ධතා පවත්වන කාලයේ දෙදෙනාම ඇත්ත වසන්කර බොරු මවාපෑම් කිරිමේ විපාක තමයි ඔය...
Bandara Monday, 30 January 2023 08:45 PM
ගම්පොල ගෑනු ඔහොම තමයි. මමත් බැඳලා ඉන්නේ ගම්පොලින්.