
(උපාලි ආනන්ද)
කාවන්තිස්ස දළ ඇතාට වෙඩි තැබීමට යොදා ගත් බවට සැක කෙරෙන ගිනි අවි දෙක රජයේ රස පරික්ෂකවරයා වෙත යවා ඊට අදාළ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහව මහේස්ත්රාත් අනුරාධා සෙනෙවිරත්න මෙනවිය ගල්ගමුව වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට නියෝග කළාය
ගිනි අවි සමග අත්අඩංගුවට ගත් සැකකාර නිපුණතා සංවර්ධන නිලධාරියා සහ අනෙක් සැකකරුව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්රත්වරිය මෙසේ නියෝග කළාය.
මෙම ගිනි අවි දෙක උපයෝගි කරගෙන කාවන්තිස්ත ඇතාට වෙඩි තැබු බවට සැක ඇගැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිපුනතා සංවර්ධන නිලධාරියා සහ අනෙක් සැකකරු මේ මස 28 දින දක්වා රිමාන්ඩ් බාරයේ පසුවෙති.
වලාන මධ්යම දූෂණ මර්දන ප්රාහාරක බලකායේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඔලුගල මහතාගේ මෙහෙයවීම මත ක්රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් සහ වනජීිවි නිලධාරීන් ඒකාබද්ධව කළ විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් අත් අඩංගුවට ගත්තේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd