(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කාලකන්නි වින්දන ගන්න කණ්ඩායම පොඩ්ඩක් පැත්තකට වෙලා රටට කෙලින් හිට ගන්න ඉඩ දුන්නොත් දෙසැම්බර් මාසයේ ලංකාවට ඓතිහාසික සංචාරක ප්‍රමාණයක් එ්වි යැයි විශ්වාස කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
රටට සංචාරකයන් ගේන්නැයි විපක්ෂයේ සමහර කණ්ඩායම් කතා කරන අතර ඔවුන්ම පාර්ලිමේන්තුව පෙරලන්න, වටලන්න උත්සාහ කරන බව ද හරීන් ප්‍රනාන්දු මහතා කීය.
සංචාරක සමුලු වලින් සංචාරක කර්මාන්තය දියුණු කරනවා යැයි කියන අතර ලංකාවේ මිනිස්සුන්ට කන්න නැතැයි ලෝකයට කියන බව හරීන් ප්‍රනාන්දු මහතා කීය.
කංචන විජේසේකර ඇමතිවරයා සමඟ එකතුවී සංචාරකයන්ට වෙන්වුණු ඉන්ධන අවසර පතක් එළිදක්වන බව ද හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
සංචාරක කර්මාන්තය නැංවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් තිබේදැයි පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව කීය.
COMMENTS
මෙයත් ඇමැතිකමක් බාරගත්තේ නැත්නම් ඔය කියන කාලකන්නි සතුට ලබන ගොඩේම සාමාජිකයෙක් තමයි...
සහතික ඇත්ත...!
එහෙනම් ඉතින් ආණ්ඩුවේ ඉන්න අය තමයි ඉස්සෙල්ලාම පැත්තකට වෙන්න ඕනෑ.
සුදු රෙද්දක් පටලවන් නිරුවතින් ඉන්න නරින්ට කුමක් කළයුතුදැයි ජනතාව දැන් දන්නවා. තාම වතුර රත්වෙන්න පටන්ගත්තා විතරයි, නටනකන් ටිකක් ඉමුකෝ බලන්න.
හරින් වගේ කෙනෙක් තව ඉන්නවද?
සර් නියමයි, මල් හතයි...
කතාකරන භාෂාවෙන් කියන්න පුළුවන් වැදගත් කෙනෙක් කියලා. මෙයාලා මෙදා රටක් නියෝජනය කරන්නේ... හිරිකිතයි..!
රට විනාශ කරපු කාලකණ්ණි ටික පැත්තකට වුණානම් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා.
සංචාරකයෝ ගෙන්වාගන්න ඕනෑ නම් මුලින්ම අර සංචාරකයන්ට ගුවන් තොටුපලේදී දෙනවා කිව්ව ඉන්ධන QRකෝටා එක ලබාදෙන ක්‍රමය ක්‍රියාත්මක කරන්න. සංචාරක හෝටල්වලට අවශ්‍ය ක්ලෝරීන් සහ වෙනත් අමතර දේවල්, සනීපාරක්ෂක කට්ටල, සෝලා පැනල් වැනි දේවල්, ඔවුන්ගේ ගිණුම්වල තිබෙන විදේශ මුදල් උපයෝගී කරගෙන කෙළින්ම පිටරටින් ගෙන්වන්න අවසර දෙන්න. සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය කෝකිවරු වැනි සේවකයන්ට දැනට කරන පුහුණුවට වැඩිය හොඳ පුහුණුවක් දී සංචාරක හෝටල් සඳහා රැකියා බැංකුවක් ඇති කරන්න. ඉන්පසු යුරෝපයේ රටවල්වල හොඳ ප්‍රචාරයක් දෙන්න. මේවා අඩුවියදමකින් තිබෙන සම්පත් ප්‍රයෝජනයට අරන් ක්‍රියාත්මක කළොත් දෙසැම්බර් වෙනකොට ප්‍රතිඵල ලැබේවි..
අර මම කළින් සඳහන් කරපු කරුණු කාරණා ඉෂ්ඨකර ඒ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය දැනුවත් කර යුරෝපයේ ප්‍රචාරයක් දෙන එක ඉතාම වැදගත්... මෙහෙ ඉන්න බොහෝ දෙනෙකු සිතා ඉන්නේ තවමත් ලංකාව තෙල් සහ ගෑස් පෝලිම් තිබෙන, සංචාරය කරන්න අපහසු රටක් ලෙස... කෙටියෙන්ම කියනවා නම් මේ රටවල්වල ආණ්ඩු ජනතාවට නිකුත් කරපු අනතුරු හැඟවීම් තවම ඉවත් කරලා නැහැ. යුරෝපයේ සේවය කරන ලංකා තානාපති නිලධාරින්ගේත් මේ ගැන උනන්දුවක් නැහැ. මමත් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ විශාල මුදලක් ආයෝජනය කර ඇත. අපට මේක මාකට් කරන්න නම් ආණ්ඩුවේ සහයෝගය අවශ්‍ය වෙනවා. මම ඉදිරිපත් කළේ ඉතාම පහසුවෙන් දෙන්න පුළුවන් ඉල්ලීම් ටිකක්... කරුණාකර සලකා බලන්න.
අපිටත් කියන්න තියෙන්නේ... නියම කාලකණ්ණි, සල්ලි කණ්ණි, රටම කණ්ණි, ඒ අය අයින් වුණා නම් හරි.
තමුන් තරම් අවස්ථාවාදී වැඩකරපු කෙනෙක් ගැන මොන කතාද?
කතාවට ඔබින විදිහටනේ සුදුපාට ඇඳන් ඉන්නේ..! ඔයාට මොනවද ඕනේ...?
ආ.. මාරයි නේද? එතකොට ගාලු මුවදොර අරගලය තිබ්බ දවස්වල එක්කෙනෙක් අරගලයට ගිහින් නිදිමරාගන්නත් ලෑස්ති වුණා නේද? දැන් කතාකරන්නේ නිරුවතින් වගේ... මෙයා ගැන මිනිස්සු දන්නවා. සල්ලි හම්බ කළ විදිහත් මිනිස්සු දන්නවා. මේ සියල්ලට පිළිතුරු අපි දෙන්නම්. ඉදිරි ඡන්දෙදී ගෙදරටම වෙලා රෙස්ට් කරන්න..
එදා 21 පල්ලි යන්නයි තිබුණේ...!
ලංකාවේ සංචාරය කරපු සංචාරකයෝ මේ දවස්වල ඔවුන්ගේ රටවල්වල බන්ධනාගාරගත වෙලාලු...! හේතුව ‘‘හෙරොයින්..‘‘
නියම උත්තර දෙන්න හරීන් හ හ හා
මොනවද මේ කතා ?කාලකන්නි 134 පැත්තකට වෙනකල් සංචාරකයෝ එන්නේ නැහැ
ඉතා හොඳ විග්‍රහයක්. අරගලේ කරන කිසි කෙනෙක්ට දැක්මක්, ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙලක් නෑ. කරන එකම දේ සියළුම දේ විනාශ කරන එකයි, කඩාකප්පල් කරන එකයි... විතරයි. ඒක නිසා මේ හිසරදේ කොහොම හරි ඉවර කරන්න ඕනෑ... රටට ඔලුව උස්සන්න නම්. අරගලේ අය කරන්නේ කොටි ඩයස්පෝරාවේ කොන්ත්‍රාත් එකක්..!.