
(මනෝප්‍රිය ගුණසේකර)
එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු පිරිසක් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි 05 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) දින නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් කැඳවු අවස්ථාවේදී එලෙස දින නියම කළේය.
ලංකාවට ආසන්න මුහුදේදී එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශවීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසර සංවිධාන ගොනුකොට ඇති මේ පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශවීමේ සිද්ධියෙන් සමුද්‍ර පාරිසරික පද්ධතියට විශාල හානියක් සිදුවී ඇතැයිද ධිවර ප්‍රජාවගේ ජීවනෝපාය ගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයිද සඳහන් කරන පෙත්සම්කරුවෝ ඊට සුදුසු වන්දියක් ප්‍රධානය කරන්නැයි ඉල්ලා සිටිති.
පෙත්සම් කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල වැඩිදුර පෙත්සම් විභාගය නොවැම්බර් 09 වැනිදා තෙක් කල් තැබිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.