IMG-LOGO

කුළුනු තුනේ ගැටුමෙන් රට පල්ලමට

ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිතරණයේ ගැටුම් හේතුවෙන් අවාසනාවන්ත ලෙස රට ප්‍රපාතයට වැටෙන ලකුණු පහළ වී ඇතැයි යහ පාලනය හා යටිතල පහසුකම් ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක මහකා පවසයි.

කාපට් අතුරා සංවර්ධනය කැරුණු හොරණ බොරළුගොඩ මඟුරුවෙල මාර්ගය විවෘත කරමින් වික්‍රමනායක මහතා එසේ පැවසුවේය.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශය එම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා වැය කළ මුදල රුපියල් දෙකෝටියකි.

‘අද මේ වෙලාවේ ලංකාවේ සතුටු වෙන්න බැරි තත්ත්වයක් උදාවීගෙන යනවා. ලංකා ව්‍යවස්ථාව රඳා පවතින්නේ කුළුනු තුනක් උඩ. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණයයි. මේ කුළුණු තන එක සමානව වැඩ කළ යුතුයි. අවබෝධයෙන් වැඩ කළ යුතුයි.

නැති නම් අනවශ්‍ය ගැටුම් ඇති වෙනවාත ඒ ගැටුම් ඇති වූ විට එහි පල විපාක ඇති වන්නේ සමාජයටයි. රට පස්සට යනවාත සංවර්ධන සැලැස්මවල් පස්සට යනවා. මම කියන්නේ නැහැ කවුරුත් හරියි වැරදියි කියා. නමුත් අවාසනාවන්ත ලෙස රට ඉතා ප්‍රපාතයට වැටෙන ලකුණු පෙනෙනවා. මේකෙන් කොහොමද අපි බේරෙන්නේ, මා ගාව නම් විසඳුම් නෑ.‘



අදහස් (0)

කුළුනු තුනේ ගැටුමෙන් රට පල්ලමට

ෂෙරීෆ් Monday, 24 December 2012 09:59 PM

ආනේ! හුග කාලෙකට පස්සේ... (නි)

:       0       0

අජිත් Tuesday, 25 December 2012 11:58 AM

අයියෝ සල්ලි

:       0       0

සංජය Tuesday, 25 December 2012 01:08 PM

අපි ඔබට ස්තූති කරනවා. (නි)

:       0       0

කිවි Monday, 24 December 2012 05:59 PM

පැදුරෙන් බිමට වැටෙන එක අපේ අයට එච්චර ගාණක් නෙමෙයිනේ. (නි)

:       0       0

නන්දලාල් Tuesday, 25 December 2012 02:13 AM

විසදුම් නැති ප්‍රශ්න මේ ලෝකයේ නැහැ ඇමතිතුමනි. (නි)

:       0       0

දිසා Tuesday, 25 December 2012 02:14 AM

නියමයි ධනුක. මමත් ඔයාට එකගයි. (නි)

:       0       0

සුසන්ත Tuesday, 25 December 2012 02:56 AM

ඇත්තටම නිවැරදි කතාවක්. එතුමා හැමදාමත් කතා කළේ ඇත්ත. (නි)

:       0       0

නිරාන් Monday, 24 December 2012 06:46 PM

ඔබතුමා තෝරාබේරා ගත් දේ තේරුම් නොගත් අය සිටීම මුලු මහත් ජාතියේම අවාසනාවක්. (නි)

:       0       0

සිල්වා Monday, 24 December 2012 07:13 PM

ඔබතුමා කොහොමත් කෙළින් කතාකරනවා. මුදලට කෑගහන අයට මේවා ගැන වැටහීක් නැහැ. (නි)

:       0       0

වරුණ Monday, 24 December 2012 07:18 PM

මූලික අයිතිවාසිකම් සහ ජනතාවගේ ඡන්ද බලය කොහොමත් කට්ටියකට පෙනෙන්නෙ නැහැ. (නි)

:       0       0

ධනුක Monday, 24 December 2012 07:19 PM

ඉතාම බුද්ධිමත් කතාවක්. එහෙත් විධායකය සහ ව්‍යවස්ථාදායකය, අධිකරණය පාලනය නොකළ යුතුයි නේද? (නි)

:       0       0

ප්‍රසන්න Monday, 24 December 2012 07:54 PM

අධිකරණය දූෂිතයැයි කවරෙකු හෝ චෝදනා කරන්නේ නම් ඒ ගැන සොයා බැලීමට කුමන හෝ යාන්ත්‍රණයක් තිබිය යුතුයි නේද? (නි)

:       0       0

මාලක එස් Tuesday, 25 December 2012 09:32 AM

කවුරුත් දන්නවා දෝෂාභියෝග එන්න හේතු..!(නු)

:       0       0

සමන් Monday, 24 December 2012 08:39 PM

විසදුම් නැත්නම් කතා කර පළක් නැත. (නි)

:       0       0

ලලිත් කටාර් Tuesday, 25 December 2012 10:10 AM

ඔබතුමාට බොහොම ස්තුතියි... කරපු පැහැදිළි කිරීමට..(නු)

:       0       0

ටොලමි Monday, 24 December 2012 08:54 PM

අපිට ඔබතුමා කියන දේ පිළිබදව වටහාගන්න පුලුවන්. (නි)

:       0       0

සාලිය Monday, 24 December 2012 09:09 PM

ඔබතුමාගේ කතාව සත්‍යයයි. (නි)

:       0       0

ලලිත් Monday, 24 December 2012 09:16 PM

එදා ඩී.බී. විජේතුංග මහතා වගේ කෙලින් කතා කරන කෙනෙක් ඇත්නම් ඒ ඔබ පමණි. යුද්ධය අවස්ථාවේදීත් ඔබ කෙලින් හිටියා. එක අපට සතුටකි. පැත්තක් ගියත් ඇත්ත කීම නියම සිංහලකමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 147 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site