(එම් .සුසිල් ප්‍රියන්ත සහඩි.ජේ.විජේසිංහ)
ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසය හමුවේ නියාගම බල ප්‍රදේශයට අයත් ලෝපතල කළුදිය පොකුණ ඇතුළු සියලුම ස්වභාවික දොළ පාරවල් දෙස් විදෙස් සංචාරකයින්ට තාවකාලික තහනම් කලාප කිරීමට නියාගම ප්‍රාදේශීය සභාව සහ පිටිගල පොලීසිය පියවර ගෙන ඇත
සිය බල ප්‍රදේශයේ හැර වෙනත් කිසිදු පුද්ගලයකුට මේ දොළ පහර තිබෙන ප්‍රදේශවලට ඇතුලුවීම හා ඒවායින් දිය නෑම නැවත දැනුම් දෙනතුරු සපුරා තහනම් කළ බව නියාගම ප්‍රාදේශීය සභාව සහ පිටිගල පොලීසිය කියයි.
සිය බල ප්‍රදේශයේ අයටද මේ ස්ථානවල රංචු ගැසී දිය නෑම සහ මත් පැන් පානය කිරීම ඇතුලු ප්‍රියසාද පැවැත්වීමද මේ සමග තහනම් කල බව එම ආයතන දෙක සදහන් කරයි.
මේ නීති කඩන අයට විරුද්ධව කොරෝනා මර්චන නීති අනුව නීත්‍යානුකූල පියවර ගන්නා බවද එම ආයතන දෙක කියයි.
කළු දිය පොකුණ ඇතුලු ස්වභාවික දොළ පහර ඇති ප්‍රදේශවලට ඇතුලුවීම තහනම් කොට නියාගම ප්‍රාදේශීය සභාවෙන් හා පිටිගල පොලීසිය මගින් පළ කර ඇති දැන්වීම් පුවරු හා ජන ශූන්‍ය කළු දිය පොකුණේ චායාරූප මෙහි දැක්වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කළුදිය පොකුණ පෙදෙසට ඇතුලුවීම තහනම්