කළුතර අධ්‍යාපන කළාප ගුරුවරියන්ගේ දැල්පන්දු පිල රාජ්‍ය සේවා ‘බී’ කොටසේ දැල්පන්දු ශූරතාව දිනාගැනීමට සමත් විය. කළුතර අධ්‍යාපන කළාප ගුරුවරියෝ ටොරින්ටන් ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී පොලිස් විශේෂ කාර්ය බලකා පිල පරාජය කිරීමට සමත් වූහ.
කළුතර පිලේ මනෝරිකා සපුතන්ත‍්‍රි දක්‍ෂතම පන්දු විදින්නිය ලෙස ද, මධුකා විජේකෝන් දක්‍ෂතම මැද පෙළ ක‍්‍රීඩිකාව ලෙස ද, සලෝජා පෙරේරා දක්‍ෂතම ඉදිරි පෙළ ක‍්‍රීඩිකාව ලෙස ද සම්මාන ලැබූහ.
ජයග‍්‍රාහි කළුතර අධ්‍යාපන කළාප ගුරුවරියන්ගේ දැල්පන්දු පිල:
ඉදිරි පෙළ වමේ සිට: අනුෂා ලක්මිණි, රංජනී කුසුමලතා, මධුකා විජේකෝන් සහ සචිත‍්‍රා තිලංකා
පසු පෙළ වමේ සිට: නාලිනී අල්විස් (නායිකා), යසන්ති තුෂාරිකා, සලෝජා පෙරේරා, ජානකි ගුණසේකර (පුහුණුකාරිණි), අශෝකා බියිටිස් (කළුතර කළාප ශාරීරික අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා), සීතා පතිරණ, මනෝරිකා සපුතන්ත‍්‍රි, සකුන්තලා පෙරේරා, ශිරානි දේවිකා සහ චාන්දනී අනගියද්ද
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කළුතර අධ්‍යාපන කළාප ගුරුවරියෝ රාජ්‍ය සේවා දැල්පන්දු ශූරතාව දිනති