
(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)
කහ ගෑස් හිඟයට සහ මිල ඉහළ යාමට විකල්පයක් ලෙස කහ ගෑස් සිලින්ඩර නිල් පැහැ ගන්වා වංචාකාරී අන්දමින් අලෙවිකරුවන් රවටමින් ලිට්රෝ ගෑස් සිලින්ඩර් මිලට ගෙන ඒවා විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් බව කොටදෙනියාව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය කුඩගම්මන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ලාෆ් ගෑස් නියෝජිත වරයකු සහ නිල් පැහැගැන්වූ ව්‍යාජ ගෑස් සිලින්ඩර වෙළඳසල් වලට ලබා දී ලිට්රෝ ගෑස් සිලින්ඩර ලබාගැනීම සඳහා ත්‍රී රෝද රථයක් යොදා ගනිමින් ජාවාරමට සම්බන්ධ වුණු පියපුතු දෙපලකි.
පොලිසියට ලද තොරතුරක් මත පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව සිදුකළ වැටලීමේදී නිල් පැහැය ආලේප කළ හිස් ගෑස් සිලින්ඩර 40 ක් සහ එවැනි සිලින්ඩර ලබාදී මිලදී ගත් බව කියන නිල් පැහැති ලිට්රෝ ගෑස් පිරවූ සිලින්ඩර් 3 ක් පොලිස් භාරයට ගෙන ඇත.
මේවා අලෙවි කර තිබියදීී සහ ප්‍රධාන සැකකරුගේ නිවසේ තිබී පොලිස් භාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි.
කොට දෙනියාව පොලිස් බලප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයකු ඔහුගේ ගෑස් වෙළඳසැලෙහි තිබූ හිස් ලාෆ් ගෑස් සිලින්ඩර ව්‍යාජ ලෙස ලිට්රෝ ගෑස් ලෙසට නිල් පැහැය ආලේප කර එම හිස් ව්‍යාජ නිල් පැහැති සිලින්ඩර ප්‍රදේශයේ ඇති ලිට්‍රො වෙළඳසැල් වෙත ලබා දී නියම ලිට්‍රෝගෑස් පිරවූ ගෑස් සිලින්ඩර මිලදී ගෙන ඒවා ගෑස් සමග සිලින්ඩරය රුපියල් 20. 000 ක මිලකට විකුණා ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
ලාෆ් ගෑස් මිල ඉහළ යාම සහ ගෑස් හිඟය හමුවේ සැකකරු මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ප්‍රධාන සැකකාර ලාෆ් ගෑස් නියෝජිතයා නිල් පැහැය ආලේප කළ ව්‍යාජ හිස් ගෑස් ටැංකි ත්‍රී රෝද රථයක් හිමි පිය පුතු දෙපලක් යොදාගෙන ප්‍රදේශයේ ලිට්රෝ ගෑස් වෙළඳ සල් වලට යවා ගෑස් පිරවූ නියම ලිට්රෝ ගෑස් සිලින්ඩර ගෙන්වාගෙන ඇති බවද විමර්ශනවලදී අනාවරණයවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd