(මනෝප්‍රිය ගුණසේකර)
අල්ලස් කොමිසම විසින් තහනමට ගෙන ඇති බාල බෙහෙත් ජාවාරම් සිද්ධිය සම්බන්ධයේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම් සම්බන්ධ මුල් ලේඛන වල සහතික පිටපත් කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ලබා දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (24) අල්ලස් කොමිසමට නියෝග කළේය.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කරන විමර්ශන වලට අදාළව තහනමට ගෙන ඇති ඔවුන්ගේ බැංකු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු ආදිය සම්බන්ධ මුල් ලේඛන වල සහතික පිටපත් අවශ්‍ය වී ඇතැයි කියමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කළ ඉල්ලීම් සළකා බැලු විනිසුරුවරයා එලෙස නියම කළේය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ, දියණියන් ඇතුළු හයදෙනෙක් නමින් බැංකු කීපයක පවත්වාගෙන යන ගිණුම් සහ රුපියල් කෝටි 9 1/2කට අධික වටිනාකමකින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ ජීවිත රක්ෂන ඔප්පු සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කළ ඉල්ලීම් වලට අනුව අධිකරණය විසින් තහනමකට ලක් කර ඇත.
අල්ලස් කොමිසම කළ ඉල්ලීම් වලට අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අමතරව මෙලෙස තහනමට ලක් කර ඇත්තේ ඔහුගේ බිරිඳ වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන මහත්මිය, දියණියන් වන චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, චන්ද්‍රානි පමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල හා ඉසුරු පුලස්ති බණ්ඩාර දෙහිදෙණිය නමැත්තන්ගේ නම් වලින් පවත්වාගෙන යන බැංකු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු ආදියයි.
ඒ පිළිබඳව කරණු දක්වමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් තහනමට ගෙන ඇති තම සේවාදායකයින්ට අයත් දේපල සම්බන්ධ මුල් ලේඛණ වල සහතික පිටපත් තමන්ට ලබා දෙන්නැයි ඉල්ලා සිටියහ.
ඉල්ලීම් පිළිගත් විනිසුරුවරයා අදාළ මුල් ලේඛණ වල සහතික පිටපත් ඉල්ලුම්කරුවන්ට නිකුත් කිරීමට නියම කළේය.
දේශයේ රක්ෂකයා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කෙහෙළියගේ වත්කම් පිටපත් කෙහෙළියට දෙන්න කියයි
ජයනාත් Monday, 24 February 2025 05:18 PM
කෙහෙලියත් නොදන්නා කෙහෙලියගේ වත්කම්.
A Supporter of Keheliya Tuesday, 25 February 2025 12:26 PM
ඔහුව අත්අඩංගුවට ගෙන ඔහු එම ලේඛන සඟවා ඇති ස්ථානයට ගෙන ගොස් 'සම්මත කතාව' පවසන ලෙස පොලිසියට පවසන ලෙස ඔහු සඟවා ඇති දේ පෙන්වමින් සිටියදී හදිසියේම පොලිසියට වෙඩි තැබූ අතර පොලිසිය ප්‍රතිප්‍රහාර එල්ල කළේය.