
(මනෝප්‍රිය ගුණසේකර)
රුපියල් කෝටි නමයකට අධික තැන්පතු සහිත සැක කටයුතු බැංකු ගිණුම් 16ක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ හයදෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුව ලබන 15 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද (10) නියම කළාය.
විත්තිකරුවන්ට ලබාදිය යුතු ලේඛණ හා ඇමුණුම් ලබාදී නොමැති බවට නඩුව කැඳවු අවස්ථාවේදී විත්තියේ නීතීඥවරු ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරිය එලෙස නියම කළාය.
2020 අගෝස්තු 13 වැනිදාත් 2024 ජුනි 24 වැනිදාත් අතර කාලය තුළ ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නීතී්‍යානුකූල වත්කම් හා ආදායම් වලින් උපයා ගත නොහැකි වත්කම් හා දේපළ උපයා ගත් බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසට නඩු පවරා ඇත.
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 65 (1) වගන්තිය සහ 18 (අ) වගන්තිය යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ඔහුගේ බිරිඳ වන කුසුම් ඈපා වීහේන, දියණියන් වන චන්දුලා රමලි රඹුක්වැල්ල, චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල, අමලි නයනිකා රඹුක්වැල්ල හා බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය නමැත්තන්ය.
නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් නිතීඥ කංචන රත්වත්තේ මහතා සමඟ පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් නඩුවට අදාලව තම සේවාදායකයින්ට ලැබිය යුතු ඇතැම් ලේඛණ මෙතෙක් ලැබී නැතැයි දැනුම් දුන්හ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂවරිය කරුණු දක්වමින් විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදුන් අවස්ථාවේදී අදාළ සියළු ලේඛණ බාරදුන් බව දැනුම් දුන්නාය.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව නඩුව ලබන 15 වැනිදා යළි කැඳවීමට නියම කළාය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1949										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1540										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 539										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කෙහෙළියගේ නඩුවකට දින දෙයි
chinthaka Wednesday, 10 September 2025 04:41 PM
ජීවිතාන්තය දක්වාම මේ මුර්ගයා ඇතුළු සිය පවුලම හිරගෙට නියම වේවා
පිටිගල මිලානෝ Thursday, 11 September 2025 12:35 PM
පත්තුවෙන්නයි යන්නේ… සුපර්මාකට් බෑග් ටිකක් පවුලටම ගෙන්නා ගන්න…