IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කොහුබත්වලින් සැදූ තේ තොගයක් අල්ලයි

(පුෂ්පකුමාර ජයරත්න)

කොහුබත් ඇතුළු විවිධ අපද්‍රව්‍ය යොදා සකස්කරන ලද කසල තේ කන්ටේනරයක් අපනයන කිරීම සඳහා කොළඹ වරයාට රැගෙන යමින් සිටියදී අද (23) මාවතගමදී අත්අඩංගුවට ගත් බව මාවතගම පොලිසිය කියයි.

එම කන්ටේනර් රථයේ රියදුරා ද අත්අඩංගුවට ගෙන ඇත.මාවතගම-කුරුණෑගල මාර්ගයේ හදිසි මාර්ග බාධකයක් යොදා මෙම වැටලීම සිදුකර තිබිණි.

සූදානම් කර තිබූ තවත් කසල තේ තොගයක් සමග මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවකු ද රියදුරුගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව මාවතගම සිංහපුර දී සොයාගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

මෙම අපද්‍රව්‍ය සමග විවිධ රසායන ද්‍රව්‍ය මිශ්‍රකර නියම තේ කුඩු ලෙස වරණගන්වා ‘ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් “ලෙස ලේබල් කර විදෙස් රටවලට අපනයනය කිරීමේ ජාවාරමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.

 

 



අදහස් (8)

කොහුබත්වලින් සැදූ තේ තොගයක් අල්ලයි

menna Sunday, 23 July 2017 07:52 AM

අයියෝ, පුදුමාකාර වංචාකාරයෝ ඉන්න රටක්.

:       0       0

Thushara Sunday, 23 July 2017 08:04 AM

තමන්ගේ මව් බිමේ අගය දන්නේ නැති නරුමයෝ. මේවා වෙන රට වලට ගියාම අපේ මව්බිමේ නාමය කැත වෙන්නේ.. කන බොන දේටත් මෙහෙම කරන්න තරම් මේ උදවිය පහත වුනේ කොහොමද..?

:       0       0

Ranjan Sunday, 23 July 2017 08:19 AM

දක්ෂ නිෂ්පාදකයෙක් නේ... රාජ්‍ය සම්මාන ලැබිය හැකියි මෙවර නව නිෂ්පාදන සඳහා ...

:       0       0

raveendra Sunday, 23 July 2017 08:41 AM

මේවා ජාතික අපරාධ. ලෝකයේ හොඳම තේ අපේ රටේ නිෂ්පාදන බව අප සැවොම දන්නා කරුණකි. මේ අය නිසා අපගේ තේ නිෂ්පාදනයේ තත්වය පහළ බසින බව අමුතුවෙන් කිවියයුතු නැත. ජාතික සම්පත් විනාශකරන මෙවන් අයට උපරිම දඬුවම් දියයුතු අතර ඒ අයගේ නම්ගම් ද ප්‍රසිද්ධ කලයුතුය.

:       0       0

raheem Sunday, 23 July 2017 08:55 AM

ලංකාවේ නම කන්න හදනවානේ.. කොහොමද මේ කුණුගොඩ පිටරට ගියා නම්...?

:       0       0

ranavi Sunday, 23 July 2017 01:01 PM

ලෝකේ මේ වගේ ජරා වැඩ කරන මිනිස්සු ඉන්නේ ලංකාවේ විතරමයි.කෝ රටේ තිබුන හැදියාව මනුස්සකම. මෙහෙම දේවල් කරලා ජිවත්වෙනවට වඩා හොඳ නැද්ද හිඟා කන එක..

:       0       0

buddika Sunday, 23 July 2017 03:16 PM

මේවා අද ඊයේ දේවල් නෙවේ, හම්බුන පලවෙනි වතාවත් නෙවේ මේක,. දීපු දඩුවමක් නම් අහල නැහැ කවදාවත්, මෙවැනි ජාවාරම් කාරයෝ තමයි අපේ තේ වෙළදපොළ කන්නේ,

:       0       0

Susil Monday, 24 July 2017 03:48 AM

මේවාගෙ දේවල් කරන අය උල තියන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31386 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13625 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11020 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1036 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site