IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කිංස්වුඞ්-ධර්මරාජ මහ තරගය අද-හෙට

කන්ද උඩරට පැරණිතම මහා ක‍්‍රිකට් තරගය වන මහනුවර ධර්මරාජ විදුහල සහ කිංස්වුඞ් විදුහල අතර 106 වැනි මහා ක‍්‍රිකට් තරගය අද සහ හෙට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වේ. දෙවිදුහල් අතර මෙතෙක් පැවති මහා ක‍්‍රිකට් තරග 105න් තරග 32ක ජය ධර්මරාජ විදුහල ද, තරග 19ක ජය කිංස්වුඞ් විදුහල ද ලබා ඇති අතර ඉතිරි තරග 54 ජය පැරදුමකින් තොරව නිමා වී ඇත. මෙම මහා ක‍්‍රිකට් ඉතිහාස වංශ කතාවේ ආසන්නතම ජය වාර්තා කර ඇත්තේ ධර්මරාජ විදුහලයි. ඒ පසුගිය වසරේ හේමාල් මුණවීරගේ නායකත්වයෙනි. ධර්මරාජ විදුහල මෙම තරග වාරයේ තරග 16කට සහභාගී වී පානදුර ශ්‍රී සුමංගල, ගාල්ල මහින්ද, මාතර රාහුල සහ පන්නිපිටිය ධර්මපාල යන විදුහල්වලට එරෙහිව ජයග‍්‍රහණ වාර්තා කර ඇති අතර කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහල හමුවේ පරාජයට පත්විය. ධර්මරාජ විදුහල මෙවර මෙහෙයවනු බලන්නේ තුන්වැනි වසරේ ක‍්‍රීඩකයකු වන විරාජ් කරපුටුගල විසිනි. දක්ෂ පිතිකරුවකු වන ඔහු මෙම තරගවාරයේදී ලකුණු 630 ක් රැස්කර තිබේ. විරාජ් අර්ධ ශතක 5ක් රැස්කර ඇති අතර එයට කොළඹ රාජකීය විදුහලට එරෙහිව රැුස්කළ ලකුණු 89 කැපී පෙනේ. විරාජ් පවසන්නේ තම කණ්ඩායම ඉතාමත් සමබර එකක් බවත් පසුගිය වසරට එහා ගිය ජයග‍්‍රහණයක් මෙවර ද වාර්තා කරන බවයි. තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන දිනෙත් ලංකා මේ තරගවාරයේ ලකුණු 600 සීමාව පසු කරමින් කඩුලූ 60 ක් ද දවාගෙන තිබේ. සසිත් ගුණසේකර මේ තරග වාරයේ ලකුණු 650 පසුකරමින් ධර්මරාජ පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරයි. අරවින්ද විතානආරච්චි වමත් දඟ පන්දු යවමින් මේ තරග වාරයේ කඩුලූ 95 ක් දවා ගනිමින් මහා ක‍්‍රිකට් තරගයේදී කඩුලූ 100 කඩඉම පසුකිරීමට සූදානමින් සිටියි. වේග පන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩක නුවන් කරුණාරත්න මෙම තරග වාරයේ කඩුලූ 50 ක් දවා ගනිමින් ලකුණු 500 සිමාව ද පසුකර තිබේ. ආනන්ද විජේසේකර මහතා ධර්මරාජ විදුහල් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරයි. කිංස්වුඞ් විදුහල් පිල මෙම තරග වාරයේ තරග 13 කට සහභාගීවී වයඹ රාජකීය සහ අම්බලන්ගොඩ පී.ද.එස්. කුලරත්න විදුහල්වලට එරෙහිව ජයග‍්‍රහණ වාර්තා කර ඇති අතර ති‍්‍රත්ව විදුහල සහ දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල හමුවේ පරාජය වී ඇත. නිසිත වීරකෝන් මෙවර කිංස්වුඞ් විදුහල් පිලේ නායකයා ලෙස කටයුතු කරයි. නිසිත පිතිකරණයෙන් දස්කම් දක්වමින් ලකුණු 500 සීමාව ඉක්මවා තිබේ. සුපුන් බණ්ඩාර සහ චාමර උනම්බුව කිංස්වුඞ් විදුහල් පිලේ සෙසු ප‍්‍රබල පිතිකරුවෝ වෙති. තුන් ඉරියව් ක‍්‍රීඩකයකු ලෙස ලක්මාල් හෙට්ටිආරච්චි මෙම තරගවාරයේ දස්කම් දක්වා තිබේ. එච්.එන්.ටී. ගමගේ මහතා කිංග්ස්වුඞ් පිලේ පුහුණුකරු වශයෙන් කටයුතු කරයි. ධර්මරාජ විදුහල් සංචිතය විරාජ් කරපුටුගල (නායක), නුවන් කරුණාරත්න, දිනෙත් ලංකා, අරවින්ද විතානාරච්චි, සසිත් ගුණසේකර, කාවින්ද රත්නායක, රමේෂ් රණසිංහ, ධනුක ප‍්‍රභාත්, ලක්ෂාන් ද සිල්වා, ලෝචන විජේසිරි, චන්දිමාල් ද සිල්වා, රුචිර පුහුලේවත්ත, දිශාන් ගුණසිංහ, ලසිත වීරරත්න සහ අකිල දිසානායක කිංස්වුඞ් විදුහල් සංචිතය නිසිත වීරකෝන් (නායක), නුවන් උනම්බුවේ, ලක්මාල් හෙට්ටිආරච්චි, තනිදු ලියනගේ, සුපුන් බණ්ඩාර, තරිඳු ඥානරත්න, දිනූෂ මැදවත්ත, ප‍්‍රසාත් ජයවික‍්‍රම, දසිත කඳනආරච්චි, කසුන් බණ්ඩාර, තාරක මාරසිංහ, මේනක ලංකාතිලක, රජිත ගමගේ, මහේශ් සෙනෙවිරත්න සහ ධනංජය මොනරවිල ධර්මරාජ විදුහල් කණ්ඩායම කිංස්වුඞ් විදුහල් කණ්ඩායම  



අදහස් (0)

කිංස්වුඞ්-ධර්මරාජ මහ තරගය අද-හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site