IMG-LOGO

කුසල් - තරිඳු - කිත්රුවන් ටෙස්ට් සංචිතයට එති

බංග්ලාදේශ පිලට එරෙහිව මේ මස 8 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා නම් කළ 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට යොවුන් ක‍්‍රීඩකයන් වන කුසල් ජනිත්, තරිඳු කෞෂාල් සහ කිත්රුවන් විතානගේ ඇතුළත්ව සිටිති.

රත්ගම දේවපතිරාජ විදුහලේ 19 හැවිදිරි තරිඳු කෞෂාල් මෙවර අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග 5 දී කඩුලූ 41 ක් දවා ගනිමින් වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටියි.

උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පුහුණු තුන්දින තරගයේදී කිත්රුවන් විතානගේ නොදැවී ලකුණු 168 ක් රැස්කිරීමට සමත් විය. කුසල් ජනිත් පසුගිය සති අන්තයේදී කෝල්ට්ස් පිල වෙනුවෙන් ලකුණු 203 ක් රැස්කළේය.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:

ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, ශාමින්ද එරංග, කුසල් ජනිත්, ජීවන් මෙන්ඩිස්, කිත්රුවන් විතානගේ, අජන්ත මෙන්ඩිස්, නුවන් කුලසේකර, චානක වෙළගෙදර, සුරංග ලක්මාල්, රංගන හේරත් සහ තරිඳු කෞෂාල්

අතිරේක ක‍්‍රීඩකයෝ: දුෂ්මන්ත චමීර සහ නුවන් ප‍්‍රදීප්

 



අදහස් (0)

කුසල් - තරිඳු - කිත්රුවන් ටෙස්ට් සංචිතයට එති

සිසිර Monday, 04 March 2013 09:30 PM

කොල්ලනේ වැඩ පෙන්නපල්ලා.(නදී)

:       0       0

යසිත Tuesday, 05 March 2013 10:48 AM

සන්තෝසයි අලුත් පරම් පරාව ගැන (දී)

:       0       0

දෙව්මිත් Monday, 04 March 2013 09:32 PM

නියම කණ්ඩායම. අපි දිගටම දිනමු. (නි)

:       0       0

අනුර Monday, 04 March 2013 11:06 PM

කුසල් මල්ලි ඔබ ඉස්සර ඉගෙන ගත්තේ මගේ ඉස්කෝලේ (කොට්ටාව ධර්මපාල විද්‍යාලය ). ඔබ අපිට ආඩම්බරයක්. ඔබට මගේ සුභපැතුම් (දී)

:       0       0

රසීන් Tuesday, 05 March 2013 02:03 AM

කෝ අපේ සමරවීර අපිට අවාසියි. පොඩි කොල්ල මොනව කරයි ද?

:       0       0

අජන්ත Tuesday, 05 March 2013 07:52 AM

කෝ අශාන් ප්‍රියංජන නැද්ද? (නි)

:       0       0

තත්සරණි Wednesday, 06 March 2013 09:51 PM

අපේ වීරයා ඉන්නවා සංගා ඔයාට සුබ පැතුම් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site