IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කොස්ගොඩ වෙඩි තැබීම් තුනකින් හතරක් මරුට

අමල් වික්‍රමරත්න

අම්බලන්ගොඩ කොස්ගොඩ දී  අද ( 29) අලුයම  3.45 පමණ සිදුවූ වෙඩි තැබීම් 3 කදී පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් 15 හැවිරිදි දරුවකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

යුදපිටිය, මැණික් ගම්මානය, කුරුදුගම්පියස නමැති ගම්මානවලදී සිදුව ඇති මෙම වෙඩි තැබීම් වලදී මරුමුවට පත්වී ඇත්තේ යුදපිටිය සිදුවූ මෙම වෙඩි තැබීම්වලින් පියා සහ පුතුන් දෙදෙනකු වන අතර අනෙක් පුද්ගලයා කුරුදුගම්පියස පදිංචි පුද්ගලයෙකි.

මෙම සිද්ධීන් දෙකට අමතරව මැනික්ගම්මානය ප්‍රදේශයේදී තවත් වෙඩි තැබීමක්   සිදුව ඇතත් කිසිවකුට තුවාල සිදුවී නොමැත.

වෙඩි වැදුණු පුද්ගලයන් ඇල්පිටිය රෝහලට සහ බලපිටිය රෝහලට ගෙනයන අතරතුර මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයන් වයස අවුරුදු 50,2 1, 14 සහ 38 වැනි වියේ පසුවුවන්බව අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය  ගිනි අවි සහිතව සම්පුර්ණයෙන් මුහුණු ආවරණය  කළ හෙල්මට් පැළද යතුරු පැදියකින්   පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකොට ඇතැයි මේ වනවිට සිදුකර ඇති පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

සිද්ධිය පිලිබදව මේ වනවිටත් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇත.



අදහස් (6)

කොස්ගොඩ වෙඩි තැබීම් තුනකින් හතරක් මරුට

Mokak Sunday, 29 October 2017 04:01 AM

මොකක්ද මේ ලියලා තියෙන්නේ?

:       0       0

Ravindra Oman Sunday, 29 October 2017 04:17 AM

ඒ ගම්මානය විතරක් නොවේ ලංකාවේ හැම තැනම දැන් යුධ පිටියක් වෙලා. මේකට ප්‍රධාන හේතුව යුධ පුහුණුව ලබා හමුදා අතහැර ගිය අය. මොවුන් සෙවීම අපහසු කටයුත්තක් නොවේ. ග්‍රාම සේවා වසම ගානේ ඔවුන් පිළිබඳ සංගණනයක් කළොත් පහසුවෙන් තොරතුරු ලබාගන්න පුළුවන්. කාටවත් මේ පිළිබඳ අවශ්‍යතාවයක් නැති වීම අවාසනාවක්...

:       0       0

Thilina Sunday, 29 October 2017 07:59 AM

ලිචිඡවි පාලනයක් තියෙනකොට එහෙම තමයි.. දැන් මෙයාලව ආයුධ පෙන්නන්න එක්කගෙන යන්නේ නැහැනේ.. ඉතින් පාතාලේ අය අපිට ආයුධ පෙන්නනවා.

:       0       40

Thilak Sunday, 29 October 2017 08:35 AM

අනේ මේ රටේ අයට ඇමෙරිකාවට වඩා ආයුධ තියෙනවනේ ... උතුරේ එහෙන් ... දකුණේ මෙහෙම... ජනතාවට ඕන ව්‍යවස්ථා නොවේ.... මේ අවි නැති කරලා, දූෂණය, වංචාව නැති කරලා මිනිසුන්ගේ ආර්ථිකය හදන එක.... එතකොට එක එක්කෙනා රට කෑලිවලට කඩන්න හදන්නේ නැහැ ...

:       2       84

Nuwan Sunday, 29 October 2017 09:50 AM

හමුදාවෙන් පැනපු කෙනෙක් ඇති... අනිවාර්යයෙන් ගිනි අවි හොඳට හසුරවන්න දන්න.

:       0       1

Sanjeewa Sunday, 29 October 2017 10:01 AM

චිකාගෝ බුල්ස් ලා පාර්ලිමේන්තුවේ ගුටි ඇන ගන්නකොට පිටත මෙවැනි දේ සිදුවෙන එක අහන්නත් දෙයක්ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31452 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13739 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11051 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 146 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1060 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site