IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කෘෂි අමාත්‍යංශය බැංකු 03ක් එක්ක ගිවිසුමකට එයි

(අංජුල මහික වීරරත්න)

කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 500ක සහන ණයක් ලබා දීමේ වැඩසටහන අදාළව කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු සමඟ අද (1) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ගිවිසුම් ගත විය.

මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙම වැඩසටහනින්  කෘෂිකර්ම ක්ෂේත්‍රයේ  පෙරළියක් සිදු කිරීමට අපේක්ෂා කරන බවයි. 

ව්‍යසායකයාට ඊළඟ පියවර සඳහා යාමේදී මූල්‍ය ගැටළුවක් ඇති වේ නම් ඊට අවශ්‍ය මුල්‍ය සහය ලබා දීම මෙම ණය යෝජනා ක්‍රමය මඟින් සැපයිය හැකි බව ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 

මෙම සහන ණය යෝජනා ක්‍රමයේදී අය කරනු ලබන සියයට හතරක පොළිය පරිපාලන වියදම් සඳහා පමණක් අය කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහත්වරු ද මීට සහභාගී වූහ.

ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්.එම්.එන්. ජීවන්ත, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එස්.එන්.බී.එම්.ඩබ්. නාරායන , ප්‍රදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරී ඩී.එම්.ටී.එස්. කුමාර මහත්වරු ගිවිසුම් ගතවීමට සහභාගී වූහ.



අදහස් (0)

කෘෂි අමාත්‍යංශය බැංකු 03ක් එක්ක ගිවිසුමකට එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 98 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site