IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ක්ෂුද්‍ර මූල්‍ය - ණය නියාමනයට අලුත් පනතක්

(අංජුල මහික වීරරත්න)

ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2016 අංක 6 දරන ක්ෂුද්‍ර මුල්‍ය පනත ඉවත් කර ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත හඳුන්වා දීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් 2023-10-09 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. 

එහෙත් පාර්ශ්ව කිහිපයක් විසින් මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලදුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය නියෝගය ලබා දී ඇත. 

එමෙන්ම පාර්ලිමේන්තුවේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත මෙම පනත් කෙටුම්පත යොමු කරනු ලැබ තිබේ. එහි අන්තර්ගතය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කර ඇති අදහස් හා විකල්ප යෝජනා පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස එකී කාරක සභාව විසින් දන්වා ඇත. ඒ අනුව, පත් කරන ලද ප්‍රතිපත්ති/ මෙහෙයුම් කමිටුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පරිදි වන සංශෝධන සහ විවිධ පාර්ශ්වයන්ගෙන් ලබා ගත් යෝජනා ඇතුළත් කරමින් සිය අවසන් වාර්තාව සකස් කොට ඇත. 

ක්ෂුත් මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත හඳුන්වා දීම සම්බන්ධයෙන් වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත්, ඉහත සඳහන් වාර්තාව පදනම් කර ගනිමින් අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී



අදහස් (0)

ක්ෂුද්‍ර මූල්‍ය - ණය නියාමනයට අලුත් පනතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site