(අංජුල මහික වීරරත්න)
කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආයෝජන දිරිමත් කිරීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් නොමැති වීම කෘෂිකාර්මික අංශයේ ව්‍යවසායකයින් ඇති කිරීමට බාධාවක් ලෙස හඳුනා ගනු ලැබ ඇත. එම තත්ත්වය කෘෂිකර්මාන්තය සඳහා තරුණ ව්‍යවසායකයින්ගේ ආකර්ෂණය අඩු වීමට මෙන්ම, වගා නොකළ ඉඩම් ප්‍රමාණය ඉහළ යාමට හා ආහාර නිෂ්පාදනය පහළ යාමට හේතු වන බව ද නිරීක්ෂණය කර තිබේ. ෛ
එබැවින්, 2025 අයවැය යෝජනාවක් පරිදි කෘෂිකර්ම හා කර්මාන්ත අංශයේ නියුතු ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
මෙම ව්‍යාපෘතිය වසර 5 ක කාලයක් සඳහා ක්‍රියාත්මක වන අතර, ප්‍රතිලාභියකුට උපරිම ණය පහසුකම වශයෙන් රුපියල් මිලියන 05ක් ලබා දීමට යෝජනා වී තිබේ. අදාල සහනදායී ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභීන්ගෙන් අය කළ යුතු පොළිය, හිඟ ණය මුදලින් වාර්ෂිකව 4%ක් වේ. ඒ අනුව, වසර 05 ක් ඇතුළත කෘෂිකාර්මික ව්‍යවසායකයින් 50,000 ක් නිර්මාණය කිරීමේ රජයේ අරමුණ ද සාක්ෂාත් කරගත හැකි වන පරිදි අදාළ සහනදායි ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව, මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමග එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කෘෂිකර්ම ව්‍යවසායකයන්ට සහන ණය යෝජනා ක්‍රමයක්
Iresha Dilhani Sunday, 24 August 2025 10:18 AM
හොඳයි