IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කවුරු ජනපති වුනත් ලංකාවට සහය දෙන්න IMF සූදානම්

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ තෙවැනි සමාලෝචනය සිදුකරනු ලබන කාල සීමාව සම්බන්ධයෙන් ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන බවත් මෙරට ඇතිවූ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගත් උත්සාහයේ විශාල ප්‍රගතියක් මේ වනවිට ශ්‍රී ලංකාව ලබා ඇතත් තවමත් අවදානම් කාලපයෙන් බැහැර වී නැති බවත් එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය.

ජනාධිපතිවරණයෙන් පසුව නව රජයක් සමග හෝ ශ්‍රී ලාංකික ජනතාවගේ තීරණය අනුව ලැබෙන ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය මත මෙරටට ලබා දී ඇත ආධාර වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බව කොසැක් මහත්මිය පැවැසුවාය.

කෙසේ නමුත් ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය පිළිබඳ තීරණය කිරීමේ අයිතිය තිබෙන්නේ ශ්‍රී ලාංකිකයන්ට බවත් මෙරට ඇතිවූ ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් අවදානම් කලාපයෙන් සම්පූර්ණයෙන් බැහැර වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව ප්‍රමුඛතාව ලබාදිය යුතු බවත් එම මහත්මිය ප්‍රකාශ කළාය.

ආධාර වැඩසටහනේ ඉලක්ක සපුරා ගනිමින් නිල සංචිත වැඩි කරගැනීමටත්, උද්ධමනය පහළ දමා ගැනීමටත්, හැකියාව ඇතත් ශ්‍රී ලංකාව තවමත් අවදානම් කලාපයෙන් බැහැර වී නැති බවත් ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ ඵල දැරීමටත් ආරම්භ වී ඇති බැවින් ලබාගත් ප්‍රගතිය ආරක්ෂා කරගැනීම ඉතා වැදගත් බවත් කොසැක් මහත්මිය පැවැසුවාය.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ නොවන බවත් මෙරට ණය තිරසරභාවය පිළිබඳ අවසන් ඇස්තමේන්තුව පමණක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදුකරනු ලබන බවත් කොසැක් මහත්මිය සඳහන් කළාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය ඉකුත්දා පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙම අදහස් ප්‍රකාශ කළාය.



අදහස් (8)

කවුරු ජනපති වුනත් ලංකාවට සහය දෙන්න IMF සූදානම්

පිටරටවැසියා Friday, 13 September 2024 10:07 PM

ඒ ගොල්ලො (IMF) වෙන කට්ටියක් ආවත් සහයෝගය දෙන්න සූදානම්ලු... එහෙම නම් මොකටද හොරු-තක්කඩින්ව බලයේ තියාගන්නේ...?

:       1       20

සෙනෙවිරත්න Saturday, 14 September 2024 12:32 AM

මොකද රනිල් මහත්තයාට වෙන කතාවක් කිව්වේ? අන්න එයාට විතරයි සහාය දෙන්නේ කිය කියා හැම තැනම යනවා.

:       0       18

Nishan Saturday, 14 September 2024 05:15 AM

මාලිමාවේ ආර්ථික කමිටු විශාරදයින්ට මේවා ගැන නෝ අයිඩියා. කියන ඕනෑම දේකට එහෙයි එහෙයි කියයි ඉංග්‍රීසිත් බැහැනේ...!

:       20       2

ජගත් ලියනගේ Saturday, 14 September 2024 07:50 AM

ඇත්ද?; එක්කෙනෙක් කිය කිය ගියා, එයා ආපහු පත් උනේ නැත්තං IMF වැඩසටහන් ඔක්කොම නැවතීලා , ලංකාවේ ආපහු පෝලිම් යුගයක් එනවයි කියල . අපරාදෙ , එයා තවත් පාරක් බොරු කාරයෙක් උනා .මේ දවස් වල එයා අතේ පැළවෙන බේගල් තමයි ඇද බාන්නෙ.

:       0       19

sachith Saturday, 14 September 2024 08:11 AM

අහෝ රනිල්... ඔබගේ තවත් රගපෑමක් සුපුරුදු පරිදි ඇදගෙන නෑමක් වෙලා නැවතුන වගයි..

:       7       45

ජගත් ලියනගේ Saturday, 14 September 2024 10:05 AM

මාර සවුත්තුවක් වුණා එක්කෙනෙක්ට. නේද? එයා කිව්වේ එයා නැත්තං IMF කියලා එකක් නැහැයි කියලා. බලමු දැන් මොකක්ද කියන්නේ කියලා?

:       1       19

Chandima Saturday, 14 September 2024 12:50 PM

තරහ වෙලා බැහැනේ. තරහ වුණොත් කොහොමද ණය ආපහු ගන්නේ?

:       0       15

Rata Perata Saturday, 14 September 2024 01:24 PM

මේ ප්‍රකාශයට නම් රනිල් සීයාට මුත්‍ර නම් යන්න ඇති...

:       2       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 882 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site