(ඩයනා උදයංගනී සහ නිමල කොඩිතුවක්කු)

කොවිඩ් ආසාදිතවූ තවත් 215 දෙනකු ඊයේ (31) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 9,400 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 167 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 46 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු දෙදෙනෙක් ද ඒ අතර වෙති.

මියගිය අය අතරින් 115 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 100 දෙනෙක් වෙති