(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 175 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 10,864 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අයගෙන් 139 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 35 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද ඒ අතර වෙති.

මියගිය අය අතරින් 96 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 79 දෙනෙක් වෙති