(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 157 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 11,152 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 130 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 23 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු සිවු දෙනෙක් ද ඒ අතර වෙති.

මියගිය අය අතරින් 70 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 87 දෙනෙක් වෙති