(සුජිත් හේවාජුලිගේ)
ගැබිනි මවුවරුන් 30 දෙනකු කොවිඩ් තුන්වෙනි රැල්ල ආරම්භ වීමෙන් පසු මේදක්වා කොවිඩ් වැළඳී මරුමුවට පත්ව ඇතැයි සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
මෙයින් වැඩි පිරිසක් බස්නාහිර පළාතේ පදිංචිකාරියන් බවද ඇය සඳහන් කළාය.
කොවිඩ් ආසාදනයවීමෙන් ගැබිනි මවුවරුන් මියයෑම වැඩිවෙමින් තිබෙන තත්වයක් පෙනෙන්නට ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරිය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ පැතිරීම නිසා මරණ සංඛ්‍යාව මෙලෙස වේගවත් වන්නට ඇතැයි සැක කළ හැකි බවද කීවාය.
මේ තත්වය හේතුවෙන් ගැබිනි මවුවරුන් දැඩි පරිස්සම්කාරී ලෙස කටයුතු කළ යුතු බවත් අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට වෙනත් කිසිදු හේතුවකට නිවෙස්වලින් බැහැරට නොයන ලෙස එම මවුවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළාය.
ගර්භණී මවුවරුන් සිටින නිවෙස්වල සෙසු අයද මේ කාලයේදී දැඩි පරිස්සම් සහගත ලෙස කටයුතු කිරීම වැදගත් බවද ඇය පැවසුවාය.
මේ අතර රටපුරා ගර්භණී මවුවරුන්ගෙන් සියයට 75 කට පමණ ආසන්න පිරිසක් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාවද සීමිත සංඛ්‍යාවක් දෙවැනි මාත්‍රාවද ලබාගෙන ඇති බව පැවසූ අධ්‍යක්ෂවරිය කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමෙන් ගර්භණී මවුවරුන්ට කිසිදු ගැටලුවක් ඇති නොවන බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයිද ප්‍රකාශ කළාය.
ගර්භණී මවුවරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීම සුදුසු බවට සෙඛ්‍ය අමාත්‍යාංශයද පසුගියදා නිර්දේශ කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.