IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


'කොවිඩ් එන්නත සැමට සමාන්තරව දෙනවා'

(ඉන්දිකා රාමනායක)

කොවිඩ් එන්නත ලබා දීමේ දී වැඩිහිටියන්ට, රෝගී පුද්ගලයන්ට, වඩා තරුණ හෝ ආර්ථික වශයෙන් වැදගත් පුද්ගලයන්ට ප්‍රමුඛත්වය ලබා දීමට කිසිසේත් සිදු නොකරන බවත්, මෙතෙක් හඳුනාගෙන ඇති සියලු කණ්ඩායම් වෙත සමාන්තරව එන්නත ලබා දෙන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් නොයෙක් මත මාධ්‍ය හරහා සහ සමාජයේ ප්‍රචාරය වන බවත් ඒවායේ සත්‍යාතාවක් නොමැති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.  
 
කොවිඩ් මර්දන එන්නත මුලින්ම ලබා දීම සදහා හදුනාගත් කොටස් අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ඉදිරිපෙළ කාර්ය මණ්ඩලය, වයෝවෘද්ධ පිරිස, විවිධ රෝග වලින් පෙළන රෝගීන් සහ ආර්ථික වශයෙන් වැදගත්වන කාර්ය වල නිරත ජනතාවට ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කරන බව ඒ මහතා කීය.

මේ දක්වා ලැබී ඇති එන්නත් ප්‍රමාණය අනුව මුලින්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ඉදිරිපෙළ කාර්ය මණ්ඩලය එන්නත් කිරීමට කටයුතු කළ බවත්, ඉදිරියේ ලැබෙන එන්නත්  එක් කණ්ඩයමක් පරයා තවත් කණ්ඩායමකට පුමුඛත්වය ලබා දීමක් සිදු නොවන බවද පවසන ඒ මහතා, ඒවා සමාන්තරව සියලු කණ්ඩායම් වෙත ලබා දෙන බවද සිටියේය.

රජය මගින් තවත් එන්නත් තොගයක් ලබා පොරොත්තුවෙන් සිටින බවත්, යම් ප්‍රමාණයක් මිළදී ගැනීමට ද බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.

තරඟකාරී ක්‍රියාවලියක් තුළ, ලොකු ඉල්ලුමත් තිබෙන අවස්ථාවන එන්නත් සුරක්ෂිත කර ලංකාවට ඒවා ලබා ගැනීමට දැඩි ආයාසයක් ගැනීමට සිදුවන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

කොවිඩ් මර්දන ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද (10) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සදහන් කළේය.



අදහස් (0)

'කොවිඩ් එන්නත සැමට සමාන්තරව දෙනවා'

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 154 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site