(හර්ෂණ තුෂාර සිල්වා)
‘කොවිඩ්-19’ ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වනවිට මෙරට ලක්ෂයකට වැඩි පිරිසකට එන්නත ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
ඒ අනුව මෙරට එන්නත ලබා දී ඇති මුළු ගණන 118,767 බවද එම ඒකකය සඳහන් කරයි.
වවසංගත රෝග විද්‍යා ඒකකයට අනුව අද (2) දිනයේ දී පමණක් ‘කොවිඩ්-19’ එන්නත ලබාදුන් ගණන 23,217 කි.
මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ දෙවැනි දිනයේ දී 32,539 දෙනකුට සහ තෙවැනි දිනයේ දී 21,329 ලබාදුන් බව ද එම ඒකකය පවසයි.
මෙරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ මුල් දිනයේ දී මුල් පෙළ සෞඛ්‍ය සේවකයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු 5,286 දෙනකුට එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශ සමත් විය.
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රසෙනකා සමාගමේ ‘කොවිඩ්-19’ එන්නත ඉන්දියාවේ සේරම් ආයතනය ද නිෂ්පාදනය කරන අතර මෙරට ගෙන්වන ලද්දේ ඉන්දියාවේ නිෂ්පාදිත එන්නතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොවිඩ් එන්නත දුන් ගණන ලක්ෂය ඉක්මවයි
chandima Tuesday, 02 February 2021 05:56 PM
දියුණු රටවල බෙහෙත් තියෙනවා... බෙහෙත් විදින්න නිසි යාන්ත්‍රණයක් නැහැ. අපේ රටේ බෙහෙත් විදින්න ලෝකේ ඉහළම යාන්ත්‍රණය තියෙනවා... නමුත් බෙහෙත් නැහැ. හරක් වගේ පාර අයිනේ උද්ඝෝෂණය කර කර වැඩවර්ජන කර කර ඉන්නේ නැතිව ඔන්න ඕකෙන් ගොඩඑන්න පුළුවනි නම් අපේ රටත් සුරපුරයක්...
එරා Wednesday, 03 February 2021 10:33 AM
කවුද මේ ලක්ෂය ? කොළඹටම දුන්නානම් ප්‍රශ්නයෙන් 50% ක් ඉවරයි.