IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතාව යුද හමුදාවට

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 84 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යුද හමුදා කී‍්‍රඩකයෝ සමත්වුහ. යුද හමුදාව ක්ලිෆර්ඩ් ශූරතාව දිනාගත්තේ 29 වැනි වරටය. මාස් සදර්න් බොක්සිං ක‍්‍රීඩා සමාජය කාන්තා ශූරතාව දිනා ගත්තේය. තරගාවලියේ අවසන් තරග පසුගියදා මහනුවර පල්ලෙකැලේ මාස් හෝල්ඩින් සමුහයට අයත් ලීනියා ආයතනයේදී පැවැත්විණ. 2004 වසරේදී දියතලාවේදී පැවැත්වීමෙන් පසුව කොළඹින් පිටත දී තරගාවලිය සංවිධානය කළ පළමු අවස්ථාව මෙයවේ. ක‍්‍රීඩා සමාජ 24 කින් ක‍්‍රීඩකයෝ 120 දෙනෙක් සහ ක‍්‍රීඩිකාවෝ 45 දෙනෙක් මෙවර තරගාවලියට සහභාගිවුහ. යුද හමුදාව පිරිමි ශූරතාව වෙනුවෙන් රන් පදක්කම් හතරක් දිනාගත් අතර ගුවන් හමුදාව අනුශූරතාව ලැබීය. ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජයට මෙවර තෙවැනි ස්ථානය හිමිවිය. කාන්තා තරගාවලියේදී මාස් සදර්න් කී‍්‍රඩිකාවෝ රන් පදක්කම් හතරක් දිනා ගත්හ. යුද හමුදා ක‍්‍රීඩා සමාජය සහ පොලිස් කී‍්‍රඩා සමාජය පිළිවෙලින් කාන්තා අනුශූරතාව සහ තෙවැනි ස්ථාන දිනා ගැනීමට සමත්විය. දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජයේ පී.ඩී.සුරේෂ් ද, දක්‍ෂතම කී‍්‍රඩිකාව ලෙස යුද හමුදාවේ එන්.එස්.කරුණාරත්න ද සම්මාන ලැබුහ. මහනුවර කිංග්ස්වුඞ් විදුහලේ ටී. ආර්. මධුෂංක දක්‍ෂතම පරාජිත කී‍්‍රඩකයා ලෙස ද, යුද හමුදාවේ ක‍්‍රීඩිකා ඩබ්ලිව්.එල්.රත්වත්ත දක්‍ෂතම පරාජිත කී‍්‍රඩිකාව ලෙස ද තේරීපත් වුහ. පසුගියදා ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ දක්‍ෂතම කී‍්‍රඩිකාව වු පොලිස් ක‍්‍රීඩා සමාජයේ සමන්ති ගුනෙත්ති පරදවා කිලෝග‍්‍රෑම් 54 බර පංතියේ ශූරතාව දිනා ගැනීමට මාස් සදර්න් ‘ඒ’ පිලේ විදුෂිකා ප‍්‍රබාදි සමත්වුවාය. තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානය මධ්‍යම පළාත් මහා ඇමැති සරත් ඒකනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.

අවසන් තරග ප‍්‍රතිඵල: පිරිමි

● කි.ග‍්‍රෑ. 49 ට අඩු ලයිට් ෆ්ලයි බර පංතිය සී. අයි. පෙරේරා (යුද හමුදා ‘ඒ’) විසින් එම්. ආර්. කුමාර (ගුවන් හමුදා ‘ඒ’) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 52 ට අඩු ෆ්ලයි බර පංතිය පී. ඞී. සුරේෂ් (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් එච්. එස්. ධනුෂ්ක (ගුවන් හමුදා ‘ඒ’) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 56 ට අඩු බැන්ටම් බර පංතිය ආර්. ටී. වීරක්කොඩි (යුද හමුදා ‘ඒ’) විසින් ඞී. විජේරත්න (ස්ලිම්ලයින් ‘ඒ’) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 60 ට අඩු ලයිට් බර පංතිය එන්. ටී. ජයකොඩි (ගුවන් හමුදා ‘ඒ) විසින් ඞී. එම්. සමරසේකර (ස්ලිම්ලයින් ‘ඒ’) පරාජය කරන     ලදී. ● කි.ග‍්‍රෑ. 64 ට අඩු ලයිට් වෙල්ටර් බර පංතිය වයි. එම්. ඩිල්ෂාන් (ගුවන් හමුදා ‘ඒ’) විසින් පී. එස්. කරුණාරත්න (පොලිසිය) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 69 ට අඩු වෙල්ටර් බර පංතිය අසංක රාජපක්‍ෂ (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් පී. එස්. චන්ද්‍රකුමාර (යුද හමුදා ‘ඒ’) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 75 ට අඩු මිඞ්ල් බර පංතිය එම්. ඒ. දිවාරත්න (යුද හමුදා ‘ඒ’) විසින් ටී. ආර්. මධුෂංක (කිංග්ස්වුඩ්) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 81 ට අඩු හෙවි බර පංතිය ඞී. එච්. ධර්මසිරි (ගුවන් හමුදා ‘ඒ’) විසින් ඒ.එස්.නන්ද (නාවික හමුදා ‘ඒ’) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 91 ට අඩු හෙවි බර පංතිය ඞී. එන්. පේ‍්‍රමසිංහ (යුද හමුදා ‘ඒ’) විසින් ආර්.සී.හේරත් (යුද හමුදා ‘බී’) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 91 ට වැඩි සුපර් හෙවි බර පංතිය ඒ. ජී. ජයසේකර (නාවික හමුදා ‘ඒ’) විසින් ඒ. ඩබ්ලිව්. හෙට්ටිගේ (නාවික හමුදා ‘බී’) පරාජය කරන  ලදී.

කාන්තා

● කි.ග‍්‍රෑ. 48 ට අඩු ලයිට් ෆ්ලයි බර පංතිය ඞී. ඊ. ද සිල්වා (මාස් සදර්න් ‘බී’) විසින් එච්. එස්. ප‍්‍රියදර්ශනී (යුද හමුදාව)පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 51 ට අඩු ෆ්ලයි බර පංතිය අනුෂා කොඩිතුවක්කු (මාස් සදර්න් ‘ඒ’) විසින් එල්. ජී. චන්ද්‍රිකා (යුද හමුදාව) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 54 ට අඩු බැන්ටම් බර පංතිය විදුෂිකා ප‍්‍රභාදි (මාස් සදර්න් ‘ඒ’) විසින් එස්. පී. ගුනෙත්ති (පොලිසිය) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 57 ට අඩු ෆෙදර් බර පංතිය ඒ. කේ. හංසිකා (මාස් සදර්න් ‘බී’) විසින් පී. කේ. සල්ගාදු (යුද හමුදාව) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 60 ට අඩු ලයිට් බර පංතිය පී. කේ. සුමුදු (යුද හමුදා ‘ඒ’) විසින් අයි. එන්. සමරකෝන් (තුරුලිය) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 64 ට අඩු ලයිට් වෙල්ටර් බර පංතිය එන්. එස්. කරුණාරත්න (යුද හමුදාව) විසින් සී. කේ. ජයසේකර (මාස් සදර්න් ‘බී’) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 69 ට අඩු වෙල්ටර් බර පංතිය ඞී. එස්. වීරරත්න (පොලිසිය) විසින් ජී. ජී. සිල්වා (ගුවන් හමුදාව) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 60 ට අඩු මිඞ්ල් බර පංතිය පී. කේ. රාජපක්‍ෂ (මාස් සදර්න් ‘ඒ’) විසින් ඩබ්.ජේ.රත්වත්ත (යුද හමුදා ‘ඒ’) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 81 ට අඩු හෙවි බර පංතිය ටී. එම්. වීරසිංහ (යුද හමුදාව) නිතරග ජයක් ● කි.ග‍්‍රෑ. 81 ට වැඩි සුපර් හෙවි බර පංතිය ඞී. ජේ. දර්ශ (මාස් සදර්න් ‘ඒ’) විසින් එස්. එස්. චන්ද්‍රසේකර (මාස් සදර්න් ‘බී’) පරාජය කරන ලදී.



අදහස් (0)

ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතාව යුද හමුදාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වාසි බලාගෙන පුංචි ආණ්ඩු හදන්න එකතු වෙන්නේ නෑ
2025 මැයි මස 10 1064 1

විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ


වැවට වැටුණු හෙළිකොප්ටරයේ ඉන්ධන ඉවත් කරන්න සැරසේ
2025 මැයි මස 10 934 0

මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.


ඩෙංගු -චිකුන්ගුන්යා මඩින්න සෞඛ්‍ය බලධරයෝ රැස් වෙති
2025 මැයි මස 10 178 0

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානම පිළිබඳව කරුණු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැඳවී


ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 140 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 572 2

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 2028 6

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 565 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1379 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 353 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site