(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය නගර සභාවේ නිලධාරිනියකට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ එම නිලධාරිනිය සේවය කළ අංශය වසාදැමීමට අද(01)පියවර ගත් බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
එම අංශයේ සියලුම දෙනා ස්වයං නිරෝධායනයට යොමුකරවීමටත්, නිලධාරිනියගේ ආශ්‍රිතයින්ගේ පීසීආර් පරීක්‍ෂණ කරන තෙක් එම අංශය මුලුමණින් වසා දැමීමටත් පියවර ගෙන ඇත.
එහිදී සෞඛ්‍ය වෛද්‍ය උත්පල සංකල්ප මහතා උපදෙස් ලබාදුන්නේ ආසාධිත නිලධාරිනිය වෙනත් අයෙකු ආශ්‍රිතයෙකු නොවන පරිද්දෙන් නිවසට යොමුකරවීමටයි. එසේම සෙසු කාර්යාලයීය ආශ්‍රිතයින් ද පීසීආර් පරීක්ෂණයට ලක්කරන තෙක් නිවසට යායුතු ආකාරය හා නිවැසියන් සමගින් කටයුතු කළ යුතු ආකාරය එහිදී පැහැදිලි කළ අතර ආසාදිත නිලධාරිනිය සමඟ සබඳතා පැවැත්වූ නගර වැසියන් පිළිබඳවද මේ වනවිටත් කරුණු අනාවරණය කරමින් පවතී.
කුලියාපිටිය නගරසභාවේ සභාපති ලක්‍ෂමන් අධිකාරි මහතා පැවසූයේ මහජනතාව නිරන්තරයෙන් සම්බන්ධ වන එම අංශයේ වැඩ කටයුතු සෞඛ්‍ය අංශයේ උපදෙස් ලැබෙන තෙක් නවතා දැමීමට සිදුවන බැවින් ඒ පිළිබඳ කනගාටුව පළකරන බවය. එමෙන්ම අනෙකුත් අංශයන්හි රාජකාරි සිදුකරන නිසා සියලුම ගැටලු සඳහා දුරකථන මාර්ගයෙන් සම්බන්ධවෙන ලෙස ඉල්ලීමක්ද කළ අතර ඉන් ලබාදියහැකි සේවාවන් ඉටුකිරීමට හැකිතාක් උත්සහ දරන බවද ඒ මහතා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කුලියාපිටිය නගර සභාවේ අංශයක් වසාදමයි